විදුලිය කැපෙන්නේ පැය 10ක් ද,නැත්තම් පැය කීයක් ද..? අද දින විදුලි කප්පාදුව සිදු වන්නේ මෙහෙමයි !

sri lanka gagana news Sri lanka sinhala news today trending news power cuts
By krishani Mar 26, 2022 01:15 AM GMT
Report

අද(26) දිනයේ දී A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාප සඳහා පෙරවරු කාලයේ පැය 03යි මිනිත්තු 20ක් විදුලිය විසන්ධි කිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

මේ අතර එම කලාපවලට පස්වරු කාලයේ දී සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 01යි විනාඩි 40ක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

ඒ අනුව එම කලාපවල විදුලිය විසන්ධි කෙරෙන සම්පූර්ණ කාලය පැය 05ක්.

එමෙන්ම P, Q, R, S, T, U, V, W කලාප සඳහා හෙට (26) පෙරවරු 9.00 සිට සවස 6.00 දක්වා කාලය අතරතුර පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

එම කලාප තුළ සවස 6.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය අතරතුර පැය 01යි විනාඩි 40ක් විදුලිය විසන්ධි කෙරෙනවා.

ඒ අනුව එම කලාපවල විදුලිය විසන්ධි කෙරෙන සම්පූර්ණ කාලය පැය 04යි මිනිත්තු 40ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now