කාන්තා උත්සවයට පැන කැත්තකින් කොටලා,සපා කාලා වුණ වැඩේ..?
පුත්තලම සිරම්භිඅඩිය සෙල්ලකන්දල් ප්‍රදේශයේ සංවිධානය කර තිබු කාන්තා සැමරුම් උත්සවයක් අතර තුර දී දෙපිරිසක් අතර සිදුවු බහින් බස් විමකින් පසු කැති ප්‍රහාරයකින් බරපතල කැපුම් හා සපා කෑමේන් තුවාල වූ එක් අයකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
ලෝක කාන්තා දිනයට සමගාමිව කාන්තා හා ළමා කටයුතු පෙර පාසල් හා අධ්‍යපාන රාජ්‍ය ඇමති පියල් නිශාන්ත හා පානීය හා ප්‍රදේශීය ජල සම්පාන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සෙල්ලකන්දල් වැව් ඉස්මත්තේ සංවිධානය කර තිබු සැමරුම් උත්සවයක ආරම්භයට පෙර මෙම ගැටුම හට සිදුව තිබේ.
එම උත්සවය පැවති ස්ථානය අසල පිහිටි හෝටලයක් තුළ මෙම දේශපාලනය ප්‍රශ්නයක් මුල් කරගනිමින් බහින් බස් විමක් සිදුව ඇති බව පරික්ෂණ පවත්වන පොලිසිය කියයි.
එම සිද්දියට මුල් වු පුද්ගලයන් දෙදෙනෙකු අදාල ස්ථානයට පැමින කාන්තා සැමරුම් උත්සවයට එක්ව සිටි පිරිස් සමග ආරවුලක් ඇති කරගෙන ඇති අතර පසුව මාර්ගයේ දර පටවාගෙන ගමන් කරමින් තිබු ට්‍රැක්ටරයක් නවතා එහි තිබු කැත්තක් රුගෙන විත් කඩා පැන එහි සිටි පිරිසට කැති ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |