කඩදාසි අර්බුදය ලංකාවේ පත්තරයටත් බලපාලා - සමහර පත්තර නිකුත් කිරිම ද තාවකාලිකව නවතා දමයි ! පොත්පත් වලටත් බලපායි ද..?
පවතින කඩදාසි අර්බුදය හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ පුවත්පත් සමාගමක් වන උපාලි පුවත්පත් සමූහය සිය දිනපතා මුද්‍රණයන් හි සෙනසුරාදා පුවත්පත මුද්‍රණය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් එහි බෙදාහැරීම් කළමනාකරු සිසිර ගලදෙණිය සඳහන් කළේ පුවත්පත, මුද්‍රණය නොකළද අන්තර්ජාල ඊ පුවත්පතක් ලෙස නිකුත් කරන බවයි.
පවතින ඩොලර් අර්බුදය සහ ලෝක වෙළඳපොලේ කඩදාසි මිල ඉහළ යාම සැළකිල්ලට ගනිමින් මෙරට පුවත්පත් ආයතන දැනට තමන් සතුව ඇති කඩදාසි තොග කළමනාකරණය සඳහා විවිධ ක්‍රියාමාර්ගවලට එළඹුණු අතර, පිටු සංඛ්‍යාව සීමා කිරීම එහි එක් පියවරක්.
එමෙන්ම බොහෝ පුවත්පත් ආයතන සිය පුවත්පත්වල මිල ගණන්ද ඉහළ නැංවීමටයි ගතවූ මාස කිහිපය තුළ පියවර ගනු ලැබුවේ.
මේ අතර ලේක්හවුස් සමාගමද මෙම මස ආරම්භයේ සිට සරසවිය සහ ආරෝග්‍යා පුවත්පත් සෑම මසකම පළමු සතියේ කලාපයට සීමා කිරීමට පියවර ගත්තා.
එමෙන්ම සෙසු සති තුනෙහි ප්‍රකාශනයන් ඊ පේපර් ලෙස නිකුත් කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. එමෙන්ම මේ මස මුල සිට ලේක් හවුස් ආයතනය ඉරිදා පුවත්පතේ මිල රුපියල් අසූවේ සිට සියය දක්වා රුපියල් විස්ස්කින් වැඩි කිරීමටත් කටයුතු කළා.
කඩදාසි අර්බුදය හමුවේ ඊ පේපර් හරහා පාඨකයා වෙත පුවත්පත් සමීප කිරීමට කටයුතු කළද එය පුවත්පත් අලෙවිය අඩු වීමට අහිතකර ලෙස බලපාන බවයි ලේක් හවුස් ආයතනයේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් සඳහන් කළේ.
මේ අතර ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සෙල්වම් කේතීෂ් ද පවතින කඩදාසි අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ විනිමය අර්බුදය සහ ලෝක වෙළඳපොලේ කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් කර්මාන්තය දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |