ගෙදර බඩු විකුණලා බැරිම තැන,අන්තිමට ඇඟත් විකුණලා...මතට ඇබ්බැහි වූ ජෝඩුවගේ කෙරුවාව මාට්ටු වුන හැටි !
තම දෙමාපියන්ගේ නිවාසවල තිබෙන ගෘහ භාණ්ඩ විකුණා දමා හෙරොයින් මත්කුඩු පානය කර තිබේ.
පසුව අවට නිවාස බිඳ මත්කුඩු පානය කිරීමෙන් ද අනතුරුව, මුදල් නොමැතිකම හේතුවෙන් ඇඟ විකුණා මුදල් සොයා ගෙන හෙරොයින් පානය කළ කාන්තාවක් සහ ඊට අනුබල දුන් ඇගේ සැමියා පෙරේදා (22දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නීත්‍යානුකූලව විවාහ නොවී එක නිවසේ ජීවත් වූ අනුරාධපුර ගෙවල් පනස් පහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක තරුණියක් සහ වයස අවුරුදු 21 ක තරුණයකු බව පොලීසිය පවසනවා.
අත්අඩංගුවට ගත් තරුණයා සහ එම තරුණිය අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රධාන ජාතික පාසල් දෙකක උසස් අධ්‍යාපනය ලැබූ අය බවත්, පාසල් ප්‍රේමය දුර දිග ගොස් අවසානයේ දැනට වසරකට වැඩි කාලයක් අඹු සැමියන් ලෙස ජීවත් වන බව පොලිසිය සඳහන් කරනවා.
පාසල් අධ්‍යාපනය අවසන් වීමත් සමග හෙරොයින් මත්කුඩු පානයට තදින් ඇබ්බැහි වී සිටින තරුණයා එම තරුණිය ද මත්කුඩු පානයට ඇබ්බැහි කරවා ගෙන තිබේ.
දෙපාර්ශවයේම තම මවුපියන්ට අයත් නිවාසවල බඩු විකුණා, කුඩු පානය කිරීමෙන් අනතුරුව අවට නිවාස තුනක් බිඳ කුඩු පානය කර පසුව, තරුණයා විසින් එම තරුණිය ගණිකා සේවයේ යොදවා ඇති බව පොලීසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |