ගුරු සංවර්ධන නිලධාරීන්ව නිශ්චිතව ගුරු සේවයට බඳවා ගන්නවා කිව්වා.. විභාගේ ප්‍රතිඵල ඔන්න මෙන්න තියාන ගුරු ප්‍රශ්නෙන් මැති සබේ ඇවිලෙයි

Report

අද(22) දින පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළා.

එහිදී ශ්‍රී ලංකාවේ උපාධිධාරී තරුණ පරපුරේ රැකියා විරහිතභාවය දිගුකාලීන පවතින සමාජ හා ආර්ථික ගැටලුවක් බව පැවසූ විපක්ෂ නායකවරයා උපාධිධාරීන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහ කුසලතා රටේ ආර්ථික සහ රාජ්‍ය සේවා අවශ්‍යතා සමඟ ඵලදායීව සම්බන්ධ කරමින් ඔවුන්ට රැකියා අවස්ථා නිර්මාණය කිරීම රජයේ වැදගත් වගකීමක් බව අවධාරණය කළා.

එබැවින් රැකියා විරහිත උපාධිධාරීන්ට වත්මන් රජය ලබා දුන් පොරොන්දු ඉටුකරන කාල සීමාව සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා විමසා සිටියේ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් මතු කරමින්.

ලියපු ගුරු විභාගයේ ප්‍රතිඵල ආපු ගමන් සේවයට බඳවා ගන්නේ මේ අයව විතරයි - ගුරුවරු බඳවාගැනීම විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුකරන බව කියයි

ලියපු ගුරු විභාගයේ ප්‍රතිඵල ආපු ගමන් සේවයට බඳවා ගන්නේ මේ අයව විතරයි - ගුරුවරු බඳවාගැනීම විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුකරන බව කියයි

" පොරොන්දු පත්‍රය නම් තියනවා ගුරු සේවයට විසිදාහක් බඳවා ගන්නවා විද්‍යා තාක්ෂණ ගණිත ඉංජිනේරු.. තුන් දාහ සහ නව දාහ ගාන බඳවගන්නවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රේගු දෙපාර්තමේන්තුවට සංචාරක කර්මාන්තයට තවත් තුන්දාහක් මේ යනාදී වශයෙන්. ඒ පොරොන්දු මාලාව ඉෂ්ට සිද්ධ කරන්නේ කවදද?.. ඒ වගේම ඔයාලා පොරොන්දුවක් දුන්නා ගුරු සංවර්ධන නිලධාරීන්ව නිශ්චිතව ගුරු සේවයට බඳවා ගන්නවා කියලා අපිත් කිව්වා 2II සේවයට බඳවා ගෙන higher graduate diploma එක සමත් වෙලා ඒ අයව බඳවා ගන්න ඒ වගේම රැකියා විරහිත උපාධිධාරීන්ටත් රැකී රක්ෂා ලබා දෙන්නට අපි ඉල්ලීමක් කළා ඒකත් ඔබේ පොරොන්දුවක්. කවදාද මේවා ඉෂ්ට කරන්නේ? ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අංශයේ සියලු බඳවා ගැනීම් සහ උසස් වීම් නියමිත විභාග හා සේවා ව්‍යවස්ථාව අනුව පමණක් සිදු කරන බවට කර ඇති ප්‍රකාශය තුළ, ඒකෙන් ගම්‍ය වන්නේ උපාධිධාරීන්ට සමස්තයක් වශයෙන් රැකී රක්ෂා ලබාදිය යුතුයි කියන ඒ නිර්ණායකයින් දැන් ඔබ බැහැරවෙලා තිබෙනවා.."

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කරයි - දිවයින පුරා පැවැත්වෙන දින මෙන්න

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කරයි - දිවයින පුරා පැවැත්වෙන දින මෙන්න

කෙසේ වෙතත් විපක්ෂනායකවරයාගේ මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට සති දෙකක් රජයෙන් කල් ඉල්ලීමත් සමඟ මැති සබය තුළ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. එහිදී සජිත් ප්‍රේමදාස මහතා මෙම ආණ්ඩුව රැකියා විරහිත උපාධීධාරීන්ට ද්‍රෝහි වී ඇති බව පැවසීමත් සමඟ සභානායකතුමා,

" අපි අධ්‍යාපනයට විතරක් 23000ක් ගුරුවරු බඳවා ගන්නවා. අධ්‍යාපන අමාත්‍යාංශයට විතරක්. නමුත් මේක 27/2 ප්‍රශ්නයක්. ඊයේ හවස දුන්නට පස්සේ පිළිතුර සකස් කරන්න සාධාරණ කාලයක් ඕන වෙන්න පුළුවන්."යනුවෙන් සඳහන් කළා.

පිස්සු හැදෙයි කැරට් 24 රන් පවුමක් අද ඊයෙටත් වඩා ගණන් බැහැලා - රන් පෝලිමේ ඉන්න අයට අද අලුත්ම මිල ගණන් මෙන්න

පිස්සු හැදෙයි කැරට් 24 රන් පවුමක් අද ඊයෙටත් වඩා ගණන් බැහැලා - රන් පෝලිමේ ඉන්න අයට අද අලුත්ම මිල ගණන් මෙන්න

ඉදිරි පැය 36 තුළ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ සුළං - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්

ඉදිරි පැය 36 තුළ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ සුළං - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්