ගිනිගත්හේනේදී ධාවනය වූ ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටෙයි
By Kanchana
ගිනිගත්හේන ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගය ආසන්නයේ තිබූ විශාල ගසක් ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් මතට කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
ඊයේ (21) පස්වරු 5.00ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ එකම පවුලේ ඥාතීන් පිරිසක් ගිනිගත්හේන නගරයේ සිට රෝහල් මාවතේ පිහිටි සිය නිවස බලා ගමන් කරමින් සිටියදීය.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර ඇති අතර, ගස කඩා වැටීමෙන් ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත.
කෙසේ වෙතත්, අනතුරත් සමඟ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ත්‍රීරෝද රථයේ රියදුරා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් ත්‍රීරෝද රථයට මෙන්ම ඒ ආසන්නයේ තිබූ දුරකථන කණුවකට සහ රැහැන් පද්ධතියකටද හානි සිදුව තිබේ.