පන්නල නගරයම සලිත කළ පොලිස් මෙහෙයුමක් - වෙඩි තැබීම් මැද පලාගිය සුඛෝභෝගී රථය කොටුවෙයි [VIDEO]

Report

ගිරිඋල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ නැවැත්වීමේ සංඥා නොතකා පලාගිය සුඛෝභෝගී මෝටර් රථයක් පන්නල නගරයේදී වටලා නතර කිරීමට පොලීසිය සමත්ව තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ මෝටර් රථය පරීක්ෂා කිරීම සඳහා ගිරිඋල්ල ප්‍රදේශයේදී රියදුරුට නවත්වන ලෙස සංඥා කළද, ඔහු එය නොතකා වේගයෙන් රථය ධාවනය කර ඇති බවය.

පසුව පොලිස් නිලධාරීන් මෝටර් රථය පසුපස හඹා ගොස් අවස්ථා කිහිපයකදී එය නවත්වන ලෙස සංඥා කර තිබේ. එම නියෝග නොතකා රථය ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය වෙඩි තැබීමක් සිදුකර ඇති නමුත්, රියදුරු මෝටර් රථය නතර නොකර ඉදිරියට ධාවනය කර ඇති බව සඳහන්ය.

මුළු රටම බලා සිටි තීන්දුව ලබා දෙයි - ''22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැති බව'' ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

මුළු රටම බලා සිටි තීන්දුව ලබා දෙයි - ''22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැති බව'' ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

අනතුරුව පන්නල නගරයේදී පොලිස් ජීප් රථයක් සහ තවත් වාහන කිහිපයක් මෝටර් රථයට හරස් කර එය නතර කිරීමට පොලීසිය සමත්ව තිබේ.

එහිදී රියදුරු මෝටර් රථයේ දොරවල් විවෘත නොකිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ටී-56 ගිනි අවි පෙන්වා දොර විවෘත කරන ලෙස නියෝග කර ඇතත්, එම නියෝගයද රියදුරු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව පොලීසිය පවසයි.

පසුව මෝටර් රථයේ වම්පස ඉදිරිපස දොරේ වීදුරුව ගිනි අවියකින් පහරදී බිඳ දැමීමෙන් අනතුරුව රියදුරු දොර විවෘත කර තිබේ. ඒ අනුව මෝටර් රථයේ සිටි රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් රියදුරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස ගිරිඋල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

තවත් තීරණාත්මක තීන්දුවක් ලබාදෙයි - අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට සරල බහුතරය ප්‍රමාණවත් බව තීන්දු කරයි

තවත් තීරණාත්මක තීන්දුවක් ලබාදෙයි - අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට සරල බහුතරය ප්‍රමාණවත් බව තීන්දු කරයි