ප්‍රධාන නගරයක නිවාස පෙළක හටගත් ගින්නෙන් නිවාස 21ක් මුළුමනින්ම විනාශ වෙයි !
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
කොළඹ - තොටළඟ - කජීමාවත්ත ප්‍රදේශයේ නිවාස පෙළක හටගත් ගින්නකින් නිවාස විසි එකක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා.
ඊයේ(24) රාත්‍රී 12.30ට පමණ ගින්නක් හටගෙන ඇති බවට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයට ලද තොරතුරක් මත ගිනි නිවන රථ දෙකක් සහ ජල බවුසර හතරක් යොදවා ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වූ බවයි ගිනි නිවන ඒකකය සඳහන් කළේ.
ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති අතර, ගින්නට හේතුව ද මෙතෙක් අනාවරණ වී නැහැ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |