අති භයානක මිසයිලයක් අත්හදා බැලීමක් ගැන හෙළිදරව්වක් !

world news gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 25, 2022 01:06 AM GMT
Report

උතුරු කොරියාව තහනම් අන්තර් මහද්වීපිත මිසයිලයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව සහ ජපානය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියානු නැගෙනහිර මුහුදු සීමාවට එම මිසයිලය එල්ලකර ඇති බවයි.

2017 වසරෙන් පසු උතුරු කොරියාව සිදුකළ විශාලතම මිසයිල අත්හදා බැලීම මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එම මිසයිලය කිලෝමීටර් 1,100 ක දුරක් ගමන් කර මුහුදට වැටී ඇති බව දකුණු කොරියානු සහ ජපාන බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now