පුටින් ලොක්කාගෙන් ගුටි කන සකර්බර්ග් පොඩ්ඩාට වුන වැඩේ !
world news
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
ෆේස්බුක් සමාජ ජාලය අයත් මව් සමාගම වන මෙටා අන්තවාදී සංවිධානයක් ලෙසට රුසියානු මාධ්‍ය විසින් හඳුන්වාදී තිබෙනවා.
ඒ එම ජාලය තහනම් කරන ලෙසට මොස්කව් අධිකරණයක් ඊයේ(22) ලබාදුන් නියෝගයට අනුවයි.
මේ අනුව මින් ඉදිරියට මෙටා ආයතනය හැඳින්වීමේදී අයි එස් සංවිධානය හැඳින්වෙන ආකාරයෙන්ම අන්තවාදී ව්‍යාපාරයක් ලෙස ප්‍රකාශ කල යුතු වනවා.
කෙසේවෙතත් මෙම තහනම් නියෝගය බලපැවැත්වෙන්නේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් සඳහා පමණක් වන අතර මෙටා සමාගම යටතේ පවතින වට්ස් ඇප් සමාජ ජාලයට කිසිදු අවහිරයක් එල්ල වන්නේ නැහැ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |