ෂෙඩ්වලට හදිසියේම හමුදාව දැම්ම හේතුව එළියට එයි !

sri lanka army gagana news Sri lanka sinhala news today trending news Fuel shed
By krishani Mar 22, 2022 07:40 AM GMT
Report

ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අක්‍රමිකතාවලින් තොරව ක්‍රියාත්මකවන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා නිරායුද යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි.

එලෙස යොදවා ඇති යුද්ධ හමුදා සාමාජිකයින්ගේ රාජකාරිය වෙන්නේ ඒ ඒ ඉන්ධන පිරවුම්හල්වලට අවශ්‍ය ප්‍රමාණයට සරිලන පරිදි නිසි ප්‍රමාණවලින් ඉන්ධන තොග ලැබෙනවාද , ඒ ලැබෙන ඉන්ධන තොග පාරිභෝගිකයින් අතරේ නිසි අයුරින් බෙදාහැරෙනවාද කියන කාරණය සොයා බැලීමටයි.

ඒ වගේම අදාළ ඉන්ධන පිරිවුම්හල්වල ඉන්ධන තොග අවසන්වන වීමට පෙරාතුව ඒ සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුම්වත් කර නිසි පරිදි ඉන්ධන ලබාදීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමයි.

විශේෂයෙන්ම අක්‍රමිකතාවකින් තොරව මහජනතාව වෙත ඉන්ධන බෙදා හරිනවාද යන්න අධීක්ෂණය කිරීම ඔවුන් විසින් සිදුකරනු ලබන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වැඩිදුරටත් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now