තෙල් අර්බුද මැද විශාල අගයකින් බස් ගාස්තුව වැඩිවෙයි..?

sri lanka bus fares gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 12, 2022 07:41 AM GMT
krishani

krishani

Report

ඩීසල් සඳහා සහනාධාරයක් ලබානොදෙන්නේ නම් හෝ බස්ගාස්තු ඉහළ නැංවීමක් සිදුනොකරන්නේ නම් ලබන සඳුදා සිට පෞද්ගලික ප්‍රවාහන සේවය අඩාල විය හැකි බව බස්රථ සංගම් පවසති.

ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව එම සංගම් පවසා තිබේ.

සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා,

"කෙටි දුර ධාවන බස් රථ අද දිනයේදී ධාවනය කිරීමේදී දෛනිකව රුපියල් 5,500ක පාඩුවක් තිබෙනවා. මෙහෙම බස් දුවන්න බෑ. අද දුවන්නේ ඊයේ අඩු මිලට ඩීසල් ලබාගත් බස් පමණයි. 80%ක් බස් ධාවනය නැවතිලා. ඉතිරි 20%ත් හෙට සහ අනිද්දා ක්‍රමානුකූලව ධාවනයෙන් ඉවත් වෙනවා. අපි ඇමතිට කියන්නේ ජීවත්වීමට හැකි තත්ත්වයක් අපිට ලබාදෙන්න කියලා. එහෙම නොවුණොත් අපිට සිදුවෙනා විශාල අගයකින් බස් ගාස්තු සංශෝධනයක් කරා යන්න."

ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා,

"බස් රථවලට පැරණි මිලට ඉන්ධන ලබාදෙන්න කටයුතු කරනවා නම් අනෙක් දේවල් කොච්චර වැඩි වුණත් අපි බස් ගාස්තු සංශෝධනය කරන්නේ නෑ. මේක හෙට වෙනකොට ඉවර වෙන්න ඕනේ. සහනාධාරයක් නොදුන්නොත් 15%ක බස් ගාස්තුවකට යන්න අපිට සිද්ධ වෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now