පුතුගේ වරෙන්තුවක් නිසා පොලීසියට බිය වූ පියෙකුට සිදු වු අවාසනාවන්ත ඛේදවාචකය !
සිය පුත්‍රයාට නිකුත් කර තිබූ වරෙන්තුවකට තමා අත්අඩංගුවට ගන්නේ යැයි බියට පත්ව දිවගිය 71 හැවිරිදි පියෙකු දොළකට වැටී මිය ගිය පුවතක් අක්මීමණ - හියාරේ ප්‍රදේශයෙන් වාර්තා වුණා.
පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා සිය පුත්‍රයාට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවක ඇපකරුවෙකු ලෙස අත්සන් තබා ඇති බවයි.
කෙසේවෙතත් පුත්‍රයා නියමිත දිනයේ නඩුවට ඉදිරිපත් නොවීම හේතුවෙන් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
ජංගම මුර සංචාරයක යොදවා තිබූ පොලිස් ජීප් රථයක් ඊයේ(11) ඔවුන්ගේ නිවස අසලින් ගමන් කර ඇති අතර පියා තමන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පැමිණෙන බව සිතා පලා යාමටයි කටයුතු කර ඇත්තේ.
දිවයමින් සිටි ඔහු නිවස ආසන්නයේ පිහිටි දොළකට වැටී ඇති අතර එහිදී මඩෙහි එරී පියා ජීවිතක්ෂයට පත්වුණා.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහල වෙත යොමු කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |