වාහන ගෙන්වීමට හදුන්වාදෙන විශේෂ ක්‍රමවේදයක් - විදේශ රැකියාවල නියුතු අයටත් සහනයක් ! ජනතාවගේ වාහන සිහිනය ඉටු වෙයි ද..?

sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 12, 2022 03:51 AM GMT
krishani

krishani

Report

ඩොලර්වලින්  තීරු බදු ගෙවා  වාහන  ගෙන්වීමට  අවසර  ලබාදෙන්නැයි  ශ්‍රී ලංකා මහ බැංකුව  රජයට  නිර්දේශ කර ඇත.

ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබා දුනහොත් ඇතැම් පුද්ගලයන් සතුව පවතින ඩොලර් වෙළෙඳපොළට වේගයෙන් ගලා ඒමෙන් රටේ ඩොලර් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙනු ඇතැයි  ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේම  විදේශ රැකියාවන්හි යෙදී සිටින අයට වාහනයක් ගෙන්වා  ගැනීමටද  එමගින් අවස්ථාව  සැලසෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ මහ බැංකුවේ  නිලධාරීහු පවසති.

කෙසේ වෙතත් සාමාන්‍ය ආකාරයට වාහන ගෙන්වීම රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන  තවදුරටත් අධෛර්යමත් කළ යුතු බවද  ශ්‍රී ලංකා මහබැංකුව  රජයට නිර්දේශ කර ඇත.

මේ අතර විදේශයෙන් ආනයනය කෙරෙන සුඛෝපභෝගී භාණ්ඩ  ගෙන්වීම නතර කිරීම වෙනුවට   ඒවායින් වැඩි බදු මුදලක් අය කිරීම මේ අවස්ථාවේදී වඩා ගැළපෙන ප්‍රායෝගික ක්‍රියාදාමය බව ශ්‍රී ලංකා මහ බැංකුව රජයට කරුණු පෙන්වාදී  ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now