ධන යෝග පහල කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය ගැන විශේෂ අනාවරණයක් ! (VIDEO)

sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 12, 2022 01:08 AM GMT
krishani

krishani

Report

රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල විසින් කලින් කලට ගනු ලබන තීරණ නිසා රාජ්‍ය මුදල්වලට විශාල ව්‍යසනයක් සිදුවෙන බව කෝප් කමිටු සභාපතිවරයා පවසයි.

කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ඒ බව පැවසුවේ, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය විමර්ශනය කිරීම සඳහා (10)වන දින ‍පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේදීය.

සංවර්ධන ලොතරැයි දිනුම් ඇදීමේ වැඩසටහන් පටිගත කිරීමේ අරමුණින් රුපියල් මිලියන 38.75ක් වැය කර ඉදිකරන ලද චිත්‍රාගාරය අපේක්ෂිත අරමුණ වෙනුවෙන් 2015 සිට මේ දක්වාම භාවිත නොකිරීම පිළිබඳව මෙහිදී කමිටුවේ අවධානය යොමුවිය.

එයට අමතරව අදාළ කාලය තුළ උක්ත අරමුණ සඳහා ම එනම් වැඩසටහන් පටිගත කිරීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් මිලියන 2146.82 ගෙවා තිබීම සම්බන්ධවද කමිටුව විසින් විමසන ලදී.

මෙහිදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් දැනුම් දෙනු ලැබුවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සහන මිලකට පටිගත කිරීම් සිදු කරන බැවින් මෙම චිත්‍රාගාරය අනවශ්‍ය බවත් එය ශ්‍රවණාගාරයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා දැනුම් දුන්නේ එක් එක් සභාපතිවරුන් හෝ අධ්‍යක්ෂ මණ්ඩලවලට අවශ්‍ය පරිදි මෙවැනි ව්‍යාපෘතීන් ආරම්භ කිරීම මගින් විශාල මුදලක් අවභාවිත වන බව සහ එවැනි ව්‍යාපෘති විධිමත්ව සංයුක්ත සැලැස්මකට ඇතුළත් කොට ක්‍රියාත්මක කළයුතු බවය.

මේ පිළිබඳ විධිමත් වාර්තාවක් අමාත්‍යාංශ ලේකම්වරයා හරහා කමිටුව වෙත එවන ලෙසද සභාපතිවරයා දන්වා සිටියේය.

එයට අමතරව වොක්ෂෝල් වීදියේ අංක 234 දරන ගොඩනැගිල්ල කුලී පදනම මත මණ්ඩලය වෙත ලබා ගැනීම සඳහා එළඹ තිබූ ගිවිසුම සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඒක පාර්ශ්විකව කඩ කිරීම නිසා මණ්ඩලයට අය වියයුතු රුපියල් 5,700,000ක මුදලක් වර්ෂ 14ක් මුළුල්ලේ අයකර ගැනීමට නොහැකි වී තිබීම සම්බන්ධවද කමිටුවේ අවධානය යොමු වී තිබේ.

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now