මවක් සිය අවුරුද්දක් වයසැති දරුවා සමඟ ළිඳට පැන්න දුක්බර ඛේදනීය කතාවක් !
sri lanka
death
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
අනුරාධපුර, වන්නියන්කුලම ප්‍රදේශයේ කාන්තාවක් සිය අවුරුද්දක් වයසැති දරුවා සමඟ ළිඳකට පැන සිය දිවි හානිකර ගැනීමට තැත්කර තිබෙනවා.
එහිදී ප්‍රදේශවාසීන් විසින් ඔවුන් දෙදෙනාම ළිඳෙන් ගොඩගෙන රෝහල් ගතකර ඇති අතර රෝහලට ඇතුළත් කිරීමේ දී දරුවා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඊයේ (10) සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශන ආරම්භකර ඇති අතර අදාල කාන්තාව මානසික ආබාධයකින් පෙළෙන බවට හෙළි වී තිබෙනවා.
මියගිය දරුවාගේ සිරුර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |