පුටින්ගෙන් බටහිර රාජ්‍යයන් වෙත භයානක රතු එළියක් !
තම හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල් විසින් පනවන ලද සම්බාධක "යුද ප්‍රකාශ කිරීමකට සමාන" බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.
එමෙන්ම යුක්රේනයට ඉහළින් පියාසර තහනම් කලාපයක් පැනවීමට කිසිවෙක් හෝ දරන ඕනෑම උත්සාහයක් මෙම සන්නද්ධ ගැටුමට සහභාගීත්වයක් ලෙස සලකන බවටයි රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත්තේ.
රුසියාවේ හදිසි නීතියක් හෝ යුද නීතියක් හඳුන්වා දෙන බවට වන ප්‍රකාශ ද ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මේ අතර රුසියානු හෙලිකොප්ටර් යානයක් යුක්රේන හමුදා මිසයිල ප්‍රහාරයකින් විනාශ වූ බවට දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වනවා.
කෙසේවෙතත් රුසියානු පාර්ශ්වයෙන් ඒ පිළිබඳ කිසිදු ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කර නැහැ.
රුසියාව සහ යුක්රේනය අතර ගැටුම ගෝලීය ආර්ථිකයට "දැඩි බලපෑමක්" ඇති කරන බවට IMF අනතුරු අඟවා තිබෙනවා.
දින 10කට පෙර රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භයේ සිට, බටහිර රටවල් රුසියාවට සම්බාධක රාශියක් පනවා තිබෙනවා.
ජනාධිපතිවරයාගේ විදේශ වත්කම් අත්හිටුවීම සහ රුසියානු බැංකු ගණනාවක් ස්විෆ්ට් ජාත්‍යන්තර ගෙවීම් පද්ධතියෙන් බැහැර කිරීම ද ඊට ඇතුළත්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |