“සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ තමන්නාගේ අලුත්ම චිත්‍රපටයේ කිසිදු දර්ශනයක් කපා නැහැ” - තහනම් වනාන්තරයක ජනප්‍රවාදමය කතාවක්

Report

Sidharth Malhotra සහ Tamannaah Bhatia ප්‍රධාන චරිත නිරූපණය කරන The Vvaan: Force of the Forest චිත්‍රපටය කිසිදු දර්ශනයක් ඉවත් කිරීමකින් හෝ වෙනත් සංශෝධනයකින් තොරව ඉන්දීය මධ්‍යම චිත්‍රපට සහතික මණ්ඩලය (CBFC) විසින් අනුමත කර තිබෙනවා.

වාර්තා අනුව, චිත්‍රපටයට U/A 16+ සහතිකය ලබාදී ඇත්තේ අඟහරුවාදා දිනයේදීයි. චිත්‍රපටයේ ප්‍රචණ්ඩත්වය සහ ආදර සම්බන්ධ දර්ශන සීමා කරමින් කතාව ඉදිරිපත් කර තිබීම හේතුවෙන් කිසිදු කප්පාදුවක් අවශ්‍ය නොවූ බව සඳහන්.

The Vvaan චිත්‍රපටය මේ වනවිට සිනමා රසිකයන් අතර අවධානයට ලක්ව ඇත්තේ එහි වනාන්තරයක් ආශ්‍රිත ජනප්‍රවාදමය කතා තේමාව සහ නවතම රංගන සංයෝජනය හේතුවෙන්.

චිත්‍රපටයේ කතාව නගරයේ ජීවත් වන තාර්කික මනසකින් යුතු පුද්ගලයෙකු පූජනීය හා තහනම් වනාන්තරයක් ආශ්‍රිත අභිරහසකට මුහුණදීම වටා ගොඩනැගී තිබෙනවා. එමෙන්ම චිත්‍රපටයේ Chhath Puja සැමරුම් ඇතුළත් වන අතර, Chhathi Maiya සහ Thummak Thummak වැනි ගීත ද මේ වනවිට ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගෙන තිබෙනවා.

සායි පල්ලවි රන්බීර් කපූර් රඟන ‘රාමායණ’ සිනමාපටයේ පළමු ගීතය නිකුත් වෙයි - ''ප්‍රේක්ෂකයන්ට ආධ්‍යාත්මික හැඟීමක් දැනෙනවාලු”

සායි පල්ලවි රන්බීර් කපූර් රඟන ‘රාමායණ’ සිනමාපටයේ පළමු ගීතය නිකුත් වෙයි - ''ප්‍රේක්ෂකයන්ට ආධ්‍යාත්මික හැඟීමක් දැනෙනවාලු”

චිත්‍රපටයේ ධාවන කාලය පැය 2යි විනාඩි 16යි තත්පර 25ක් ලෙස සඳහන්. පළමු කොටස පැය 1යි විනාඩි 4ක් වන අතර දෙවැනි කොටස පැය 1යි විනාඩි 12ක් පුරා දිවෙනවා.

Sidharth Malhotra සහ Tamannaah Bhatia පළමු වරට එකට රංගනයෙන් එක්වන මෙම චිත්‍රපටයේ Anup Soni, Sunil Grover, Shweta Tiwari සහ Maniesh Paul ද ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

ජනප්‍රිය Panchayat වෙබ් කතා මාලාව අධ්‍යක්ෂණය කළ Deepak Kumar Mishra විසින් The Vvaan අධ්‍යක්ෂණය කර තිබෙනවා. චිත්‍රපටය සැප්තැම්බර් 25 වැනිදා සිනමාහල් වෙත නිකුත් කිරීමට නියමිතයි.

සීතා සහ කෛකේයීගේ ඇඳුම් ගැන මතුවූ කතාබහට - ‘රාමායණ’ නිර්මාණකරුවන්ගෙන් ප්‍රතිචාර

සීතා සහ කෛකේයීගේ ඇඳුම් ගැන මතුවූ කතාබහට - ‘රාමායණ’ නිර්මාණකරුවන්ගෙන් ප්‍රතිචාර