ට්‍රැක්ටරයක තලයක් වැදී නාවික හමුදා සෙබළෙකුට සිදු වුණ අවාසනාවන්ත ඛේදවාචකය !

sri lanka death gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 04, 2022 05:31 AM GMT
krishani

krishani

Report

තණකොළ කපමින් තිබූ ට්‍රැක්ටරයක තලයක් ගැල වී ගොස් සිදු වූ අනතුරකින් නාවික හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම නාවික සෙබළා ඊයේ(03) පූනෑව - වෙඩිතලාව ප්‍රදේශයේ සිට නැවත සිය කඳවුරට පැමිණි විටදී එහි තණකොළ කපමින් තිබූ මෙම ට්‍රැක්ටර් රථයේ තලය ගැලවී ගොස් ඔහුගේ සිරුරේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 21 හැවිරිදි නාවික සෙබළා වවුනියාව රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු පූනෑව නාවික හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ ආධුනික සෙබළෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now