නොසිතූ මොහොතක නාන කාමරයේ බල්බයෙන් එළියට ආ හිතා ගන්නවත් බැරි අමුතු දේ ! සැඟවූ පුද්ගලයා සොයා පරික්‍ෂණ !
නාන කාමරයක් තුළ දර්ශන පටිගත වීම සඳහා සගවා තිබූ ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ගම්පහ ශ්‍රිබෝධි ප්‍රදේශයේ නිවසකට යාබදව ඉදිකර ඇති නාන කාමරයේ රහසිගතව සවිකර තිබියදී ඉකුත් 25 වැනිදා සොයාගත් මෙම ජංගම දුරකථනය සහ එහි සිම්පත නඩු භාණ්ඩයක් ලෙස පසුගිය දා ගම්පහ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළා.
නඩු භාණ්ඩයක් ලෙස එම ජංගම දුරකථනය සහ සිම්පත අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් පොලිසියට කළ ඉල්ලීම මත අධිකරණය එම ඉල්ලීමට ඉඩ දෙමින් වැඩිදුර පරික්‍ෂණ සඳහා ජංගම දුරකථනය සහ සිම්පත රජයේ රස පරික්‍ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියම කෙරුණා.
ජංගම දුරකථනයෙන් යම් දර්ශනයක් පටිගත වන අතරතුර, එය තවත් ස්ථානයක සිට වෙනත් අයකුට නැරඹිය හැකිද යන්න ඇතුළු එම ජංගම දුරකථනයට අදාළ ප්‍රශ්නාර්ථ 10 කට පිළිතුරු අධිකරණය වෙත ලබා දෙන ලෙස අධිකරණයෙන් රජයේ රස පරික්‍ෂක දෙපාර්තමේන්තුවට නියම කර තිබෙනවා.
එම ජංගම දුරකථනයේ තිබූ සිම්පතට අදාළ අංකය නිකුත් කර ඇති තැනැත්තාගේ නම, ලිපිනය සහ හැඳුනුම්පත් අංකය, ගම්පහ පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයට ලබාදෙන ලෙසට ද අදාළ දුරකථන සමාගමට අධිකරණය නියෝග කළා.
පැමිණිලිකාරිය ශ්‍රීබෝධි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියක්. ඇය සේවය නිමවා නිවසට පැමිණ නිවස ආසන්නයේ ඇති නාන කාමරයට ගොස් විදුලි බල්බය ක්‍රියාත්මක කර තිබේ.
එම විදුලි බල්බයෙන් වෙනදාට එන එළියත් නාන කාමරයේ නොතිබූ හෙයින් පැමිණිලිකාරිය ඒ සම්බන්ධව සොයා බලා ඇත.
පසුව නාන කාමරයේ විදුලි බල්බය ආවරණයට දමා ඇති ආවරණය මත ටේප් එකකින් අලවා යමක් තිබෙනවා දැක ඇත.
නිවැසියන් ගෙන්වා පරික්‍ෂා කිරීමේදී එය නාන කාමරය තුළ සිදුවන දේ පටිගත කළ හැකි අයුරින් සකසා තිබූ ජංගම දුරකථනයක් බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා. එම ජංගම දුරකථනය නාන කාමරයේ සැගවූ පුද්ගලයා සොයා පරීක්‍ෂණ සිදු කෙරනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |