පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් නැවතත් රතු එළියක් !

sri lanka gagana news Sri lanka sinhala news today trending news private buses
By krishani Mar 02, 2022 08:44 AM GMT
Report

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වන විටත් ඩීසල් නොමැති කම නිසා පෞද්ගලික බස් රථ ධාවනය සීමා කර තිබෙනවා.

ඒ වගේම පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් මේ වන විටත් අද(02) දිනයේ හෝ අවශ්‍ය ඩීසල් ලැබෙතැයි බලාපොරොත්තුවෙන් පසුවෙනවා.

අවම වශයෙන් අද දිනයේ දී හෝ අවශ්‍ය ඩීසල් නොලැබුණහොත් මීටත් වඩා බස්රථ ධාවනය සීමා කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය දන්වා සිටිනවා.

එසේ නොවුණහොත් මගීන්ට බරපතළ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවිය හැකි බව ඔවුන් තවදුරටත් පැහැදිලි කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now