මිනිස්සුන්ගේ EPF එකයි ETF එකයි සජබෙ බේරගත්ත හැටි..? නීතිපති අද ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දුවක් ද ලබා දෙයි !

sri lanka gagana news Sri lanka sinhala news today trending news EPF/ETF
By krishani Mar 02, 2022 08:08 AM GMT
krishani

krishani

Report

මෙරට ලක්ෂ සංඛ්‍යාත සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල්වලින් අධිභාර බද්දක් අයකරීමේ වැඩපිළිවෙලකට රජය සැලසුම් කළ අතර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර බදු පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරනු ලැබීය.

අද(02) නීතිපතිවරයා අදිකරණය හමුවේ ප්‍රකාශ කලේ කමිටු අවස්ථාවේ ETF/EPF ඇතුළු බාරකාර අරමුදල් 13ක් බදුවලින් ඉවත්කරගන්නා බවට සංශෝධනයක් ගෙනඑන බවයි.

කෙටුම්පත් කර ඇති අධිභාර බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නිසා එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත වියයුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස සමගි ජනබලවේගය එම පෙත්සමින් ඉල්ලා සිටියේය.

රජය විසින් ගෙන එන ලද අධිබාර බද්ද මගින් වැඩකරන ජනතාවට හිමි EPF/ETF ඇතුළු බාරකාර අරමුදල් බදු වශයෙන් අයකර ගැනීමට එරෙහිව අදිකරණයට ගිය එකම පක්ෂය සමගි ජන බලවේගයයි.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆර්හාන් කාසීම් සහ නීතිඥ බුද්ධීන් සිරිවර්ධන පෙනී සිටියහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


ReeCha