ඩොලර් ඩොලර් ඩොලර් ! හැමදාමත් ඇහෙන මෙරට ඩොලර් සංචිතය ගැන අනතුරුදායක අණාවරනයක් මෙන්න !

sri lanka Dollars gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 02, 2022 05:41 AM GMT
krishani

krishani

Report

ආර්ථික විද්‍යාව, දේශපාලනය, නීතිය සහ ජනමාධ්‍ය යන ක්ෂේත්‍රයන්හි ආසියාව සඳහා උපායමාර්ගික විශ්ලේෂණ සපයන ස්වාධීන චින්තන පර්ෂදයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය විසින් මෙහෙයවනු ලබන PublicFinance අන්තර්ජාල වේදිකාව විසින් මෙරට විදේශ විනිමය සංචිතය පිළිබව අනතුරුදායක අනාවරණයක් සිදුකර තිබේ.

එහි සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ දැනට භාවිත කළ හැකි විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 792 ක් බව සඳහන් කර ඇත.

අදාළ සටහනෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත 2019 ජූනි මාසයේ සිට අඛණ්ඩව අඩුවෙමින් පවතින අතර 2022 ජනවාරි වන විට භාවිත කළ හැකි විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 792 ක් වන අතර, 2021 අවසානයේ මාස දොළහක ගෙවීම ඩොලර් මිලියන 6,904 ක් වන අතර එය දළ වශයෙන් 2022 ජනවාරි සංචිත ශේෂයෙන් 9 ගුණයක් වේ.

මෙම මාස දොළහක (කෙටි කාලීන) ගෙවීම විදේශ මුදල් වත්කම් මත කලින් තීරණය කළ ශුද්ධ ගෙවීම් යොමු වන අතර ඊට රජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ මුදල් වගකීම් ඇතුළත් වේ.

මෙහිදී විශේෂ සටහනක් තබමින් PublicFinance වැඩිදුරටත් මෙසේ කියා සිටී. 2021 දෙසැම්බර් සහ 2022 ජනවාරි මාසවල භාවිතා කළ හැකි සංචිතවලින් චීන මහජන බැංකුව සමඟ යුවාන් බිලියන 10 ක හුවමාරුව (ඇමරිකානු ඩොලර් මිලියන 1,570) දළ නිල සංචිතවලින් බැහැර කර ඇති අතර, එසේ කර ඇත්තේ එක්සත් ජනපද ඩොලරයේ නියම කරන ලද වගකීම් පියවීමට මෙම සංචිත භාවිතා කළ හැකි බව පැහැදිලි නැති බැවිනි.

PublicFinance යනු ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධ තොරතුරු සඳහා වූ වේදිකාවකි. මෙම වේදිකාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධ දත්ත සහ විශ්ලේෂණයන් ලබා දීම හරහා රාජ්‍ය මූල්‍ය පිළිබඳ තොරතුරු හිඟය පියවීමට සහ ඒ පිලිබඳ අවබෝධය වැඩි දියුණු කිරීමට අදහස් කරයි. වෙරිටේ රිසර්ච් ආයතනය තවත් අන්තර්ජාල වේදිකා කිහිපයක් ක්‍රියාත්මක කරයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now