පාන් කියාගන්නවත් බැරිවෙයි ! පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළට !

sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 02, 2022 02:22 AM GMT
krishani

krishani

Report

පාන් ගෙඩියක මිල රුපියල් සියය ඉක්මවා ඉහළ ගොස් ඇතැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසනවා.

ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදුව නිසා හටගෙන ඇති මෙම තත්ත්වය ඊට මූලිකවම බලපා ඇ බවයි ඔහු පවසන්නේ. ඉන්ධන නොමැතිකම දරුණු ලෙසම තම ව්‍යාපාරවලට බලපා ඇති බවත් දැනටමත් ‘චූං - පාන්’ රථවලින් බොහෝමයක් නැවතී ඇති බවත් ඔහු සදහන් කළා.

පාන් පිටි හිඟය හේතුවෙන් දැනටමත් බේකරි 400ක් පමණ සිය නිෂ්පාදන නවතා ඇතැයි ද ඔහු පවසනවා.

මේ දිනවල විදුලිය විසන්ධි වීම මත තම නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යෑමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවීම හේතුවෙන් ඉදිරියේදී සෙසු කෑම වර්ගවල මිලද ඉහළ යනු ඇතැයි සභාපතිවරයා පැවැසීය.

දිනෙන් දින තම කර්මාන්තයට සිදුවෙන ආර්ථික ගැටලු හේතුවෙන් සේවක පිරිස ද ශීඝ්‍රයෙන් අඩුවෙන බවත් ඔහු කීය. පවතින ගැටලු සියල්ල පිළිබඳ රජය දැනුවත් කළද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම තුළින් තවදුරටත් මහජනතාව පීඩාවට පත්වෙන බව ද ඔහු සදහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now