“..අනේ අපිට උදව් කරන්න..ඉන්න තැනක් විතරයි ඕනෑ !” - යුක්රේන ජාතික තරුණියක්,දළඳා මාළිගාව ඉදිරිපිටට ඇවිත් හදවත් කම්පා කරමින් කළ සංවේදි කතාව ! (VIDEO)

sri lanka world news gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 27, 2022 02:31 AM GMT
Report

මෙරටට පැමිණ සිටින යුක්රේන ජාතික තරුණියක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා.

“කරුණාකර යුක්රේනය තුළ යුද්ධය එපා” යනුවෙන් සඳහන් පුවරුවක්ද රැගෙන සිටි ඇය ඉල්ලා සිටියේ යුක්රේනයට එරෙහි යුද්ධය නවතා දමන ලෙස ලෝකයට ප්‍රචාරය කරන ලෙසයි.

මේ අතර මෙරටට පැමිණ සිටින යුක්රේන සංචාරකයින්ට යළි සිය මව්රටට යාමට නොහැකි වීමත් සමඟ ඔවුන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින්නේ එම රටවලින් මුදල් ගෙන්වා ගැනීමේ ගැටළුවක් ද මතුවීම හේතුවෙන්.

ඒ අනුව ඔවුන් මෙරට රැඳී සිටින හෝටල් සඳහා මුදල් ගෙවීමද ගැටලුවක් වී තිබෙනවා. එමෙන්ම මෙරට සංචාරක කර්මාන්තය දිගු කලකට පසු යළි ක්‍රියාත්මක වී ඇති පසුබිමක යළිත් ඊට බාධා මතු විය හැකි බවටයි එම කර්මාන්තයේ නියැලෙන්නන් බිය පළ කරන්නේ.

මේ අතර බෙන්තොට ප්‍රදේශයේ සංචාරක හෝටල්වල රැඳී සිටින යුක්රේන ජාතිකයින්ගේ සුවදුක් විමසීමට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද සංචාරයක නිරතවුණා.

එහිදී එම සංචාරකයින් ඉල්ලා සිටියේ පවතින තත්ත්වය හමුවේ තමන්ට තවදුරටත් මෙරට රැඳී සිටීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.

විඩියෝ දර්ශන - Hiru News



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now