කීරි ගැහෙන හීතලේ සිරුරෙන් ගලාගිය උණුසුම් රුහිරු ධාරාව - ලොවක් කම්පා කරමින්,රුසියානු යුද ටැංකි නවතන්න සිය ජීවිතය පූජා කළ යුක්‍රේන වීර සෙබළාගේ හද කම්පා කරවන කතාව !

world news gagana news Sri lanka sinhala news today trending news Russia-Ukrain attack
By krishani Feb 26, 2022 01:50 AM GMT
krishani

krishani

Report

හර්කියුලිස්, ස්පාර්ටකස්, ආදී ඈත අතීතයේ යුද විරුවන්, එමෙන්ම ජුලියස් සීසර්, මහා ඇලෙක්සැන්ඩර් වැනි අධිරාජ්‍යයන් ගොඩනැඟූ යුධ විරුවන් ද ඉන් පසු කාලීනව ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයාගේ සිට පර්සියාවේ යුද විරුවන් ද ඊටත් පසු පසින් පළමු දෙවැනි ලෝක යුද්ධ වල දී දනන් තුඩග රැව් පිළිරැව් දුන් යුධ විරුවන්ගේ නාමාවලිය ද ලෝක යුද ඉතිහාසය වර්ණවත් කරනවා.

මේ සියල්ලට වඩා අපට වඩාත් සමීප කටුක අත්දැකීම් ගෙනදුන් තිස් වසරක සිවිල් යුද්ධය තුළ මෙරට සිංහල, දෙමළ සමාජය තුළ මුල් බැසගත් යුධ විරුවන් රැසක් ද අපේ මතකයේ තවමත් හොඳින් රැඳී තිබෙනවා.

එල් ටී ටී ඊ ත්‍රස්තවාදය හමුවේ සිය ජීවිතය පුදා අලිමංකඩ කදවුර බේරාගැනීම සඳහා පුපුරන ද්‍රව්‍ය පුරවාගත් ඩෝසර් රථයකට බෝම්බ රැගෙන පැන එම ඩෝසර රථයත් පුපුරුවා සිය ජීවිතය පූජා කළ හසලක ගාමිණීගේ කුලරත්න මතකය මෙරට යුද ඉතිහාසයෙන් ඉවත් කළ නොහැකි මතකයක්.

දැන් මුලු ලෝකයේම අවධානය දිනාගත් නව යුධ ගැටුමක් බෝල්ටික් කලාපයේ ඇවිළෙමින් තිබෙනවා.

තවමත් දින දෙකක් පමනක් වයසැති මෙම යුද ගැටුම් මැද්දේ ඊයේ(25) වාර්තා වූ එක්තරා සිදුවීමක් මේ හසලක ගාමිණීගේ මතකය නැවත අලුත් කරන්නට සමත් වුණා.

මෙම සිදුවීමේ කතා නායකයා යුක්‍රේන යුද හමුදා ඉංජිනේරු බලකායේ තරුණ සෙබලෙක්. ස්කකුන් විටාලි නම් වූ මේ තිස් එක් හැවිරිදි යුක්‍රේනුවා මේ වනවිටත් එරට යුද ඉතිහාසය තුළ ඔහුගේ නම නොමැකෙන ලෙස සටහන් තබා ගෙන අවසන්.

යුක්‍රේනයේ හෙනිචෙස්ක් පාලම පසු කරමින් යුක්‍රේන කිව් අගනුවරට පිවිසිම සඳහා රුසියානු යුද ටැංකි මාලාවක් ක්‍රමයෙන් ඉදිරියට ඇදෙන අයුරු යුක්‍රේන ආරක්ෂක හමුදාවන් නිරීක්ෂණය කළා.

මෙම යුද ටැංකි මාලාව නැවැත්වීම සඳහා ගත හැකි වඩාත් සුදුසු ක්‍රියාමාර්ගය වූයේ එම මාර්ගයේ ඉදිරියේ පිහිටා ඇති විශාල පාලමක් පුපුරුවා හැරීම යි.

මෙය අතිශය සංකීර්ණ කාරණයක් වූයේ එම යුද ටැංකි මාලාවේ වේගවත් ඉදිරි ගමන හේතුවෙන්. කෙසේ වෙතත් ඉංජිනේරු ඛණ්ඩය එක්වී වහ වහා හෙනිචෙස්ක් ප්‍රදේශයෙහි පිහිටා තිබූ මෙම පාලමේ අධි බලති බෝම්බ ගණනාවක් සවි කරනු ලැබුවා. එකිනෙක සම්බන්ධ කරන ලද මෙම බෝම්බ පුපුරුවා හැරීම සාමාන්‍යයෙන් සිදු කරනුයේ දුරස්ථ පාලක උපකරණ භාවිත කරමින්.

නමුත් ලහි ලහියේ සිදු කෙරුණු මෙම බෝම්බ සවි කිරීමට එවන් පහසුකමක් සලසා ගැනීමට මෙම ඛණ්ඩයට හැකියාවක් ලැබුනේ නැහැ. බෝම්බ සවි කිරීමෙන් අනතුරුව රුසියානු යුද ටැංකි තර්ජනය ලං ලංව දැනෙනා විට මෙම ඉංජිනේරු ඛණ්ඩයේ ඊළඟ අභියෝගය වූයේ මෙම බෝම්බ මාලාව පුපුරුවා දමන්නේ කෙලෙසද යන්නයි.

මෙහිදී ස්වේච්ඡාවෙන් මෙම බෝම්බ පුපුරා හැරීම සඳහා ඉදිරිපත් වන්නේ 31 හැවිරිදි ඉංජිනේරු භට ස්කකුන් විටාලියි. තම කණ්ඩායම් සගයින්ට පසු බැසීමට ඉඩ සලසා විටාලි පාලම මත අටවා තිබූ බෝම්බ මාලාව පුපුුපුරුවා හරින්නේ ඒ සමග තමන්ගේ ජීවිතයේ අවසන් හුස්ම පොද වා තලය වෙත එක් කරමින්.

කීරි ගැහෙන සීතලේ විටාලි ගේ සිරුරෙන් ගලාගිය උණුසුම් රුහිරු ධාරාවන් යුක්‍රේන බිම සිප ගත්තේ විටාලි ගේ මෙම වීර ක්‍රියාව හේතුවෙන් හෙනිචෙස්ක් පාලම හරහා යුක්‍රේනයේ කිව් අගනගරය බලා ගමන් කරමින් තිබූ රුසියානු යුද ටැංකි අසූවකට සහ සන්නද්ධ රථ 50 ඔවුන්ගේ ගමන් මග සම්පූර්ණයෙන්ම අහුරා දමමින්. එපමණක්ද නොවේ යුක්‍රේනුවන්ට හැමදාමත් ආඩම්බරයෙන් කතා කළ හැකි සදාතනික යුධ විරුවෙකුගේ නමක් ඔවුන්ගේ ඉතිහාසය තුළ, හදවත් තුල නොමැකෙන ලෙස සටහන් තබමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now