මල හත්තිලව්වයි, රනිල්ට ඇප ලැබිලා ගෙදරට අඩිය තියන්න වුන් නෑ ඒ පාර තව කේස් එකක් පත්තු වෙලා, කොමිසමටත් පැමිණිල්ලක්
ජනාධිපතිවරණයට සමීපව සිදු වූ ස්මාර්ට් බෝඩ් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව මෙම මිලදී ගැනීම පිළිබඳව පැමිණිලිකරුවන් මෙහි විනිවිදභාවයක් නැති බවත්, එහි ගැටලු රැසක් ඇති බවත් දක්වා ඇත.
අඳාළ ගනුදෙනුවට අධ්‍යාපන අමාත්‍යාංශය සහ එවකට තාක්ෂණ අමාත්‍යාංශය (දැනට ඩිජිටල් අමාත්‍යාංශය) ඒකාබද්ධව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව එහි මුළු වියදම බදු නැතිව රුපියල් බිලියන 1.4 ඉක්මවන අතර, ඉන් රුපියල් බිලියන 1.06ක මුදලක් දැනටමත් ගෙවා අවසන් බව ද සඳහන්.
එසේම තවත් රුපියල් මිලියන 700ක පමණ මුදලක් (බදු සහිතව) සේවා ගාස්තු ලෙස ගෙවීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් අඳාළ මිලදී ගැනීම සිදුව ඇත්තේ ජනාධිපතිවරණයට මාස දෙකකට පමණ පෙරයි. එසේම දින පහක් වැනි කෙටි කාලයක් තුළ එය අවසන් කර තිබෙනවා.
මේ අතර අඳාළ භාණ්ඩ බෙදා හැරීම සිදුව ඇත්තේ ජනාධිපතිවරණයට සති දෙකකට පෙර බව ද වාර්තා වේ. මින් පෙර චීන ආධාර යටතේ නොමිලේ ලැබුණු ස්මාර්ට් බෝඩ් 500ක් සහ දත්ත මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් ව්‍යාපෘතියක් තිබී ඇත.
එම දත්ත මධ්‍යස්ථානයට ස්මාර්ට් බෝඩ් 3000ක් සම්බන්ධ කළ හැකිව තිබෙනවා.
ඒ අනුව අඳාළ පැමිණිල්ලෙන් චෝදනා කරන්නේ වර්තමාන මිලදී ගැනීම් ප්‍රධාන ලෙස එම දත්ත මධ්‍යස්ථානය පදනම් කරගෙන සිදු කර ඇති බවයි.
එමෙන්ම මෙම ගනුදෙනුව සිදු කරන විට, සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙනුත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙනුත් කටයුතු කර ඇති බව සඳහන්.

අපි නම් එහෙම මෝඩ වැඩක් කරන්නෙ නෑ මෙහෙම ගහනවා කියන්නේ ටිකක් අවුල්, සජිත් රනිල්ව බලන්න ඉස්පිරිතාලෙට දිව්ව හේතුව අර්ච්චුනාගේ කටින් පනී
