පාර්ලිමේන්තුවේ ටෝච් ගැහිල්ල දුර දිග ගිහින් ! හරීන්ට පැමිණිල්ලකුත් ! හරීන්ට රන්ජන්ව අරන් ජිනීවා යන්න බැරි වෙයිවත් ද ?
පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමා සූදානම් යැයි සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවැසීය.
පාර්ලිමේන්තුවට රැගෙන ආවේ තමාගේ බෑගය සහ කුඩා විදුලි පන්දමක් පමණකැයිද ඔහු සඳහන් කළේය.
හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසූවේ සැකකටයුතු පාර්සලයක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එන ලදැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී නැගූ චෝදනාවට පිළිතුරු දෙමිනි.
ඔහු මුලසුනේ අවසරය ඇතිව මෙම ප්‍රකාශය කළේය.
තමාගේ බෑගය භාණ්ඩ පරීක්ෂා කිරීමේ යන්ත්‍රය මගින් පරීක්ෂාවට ලක් කෙරුණු බවත් භයානක කිසිවක් තමා පාර්ලිමේන්තුවට රැගෙන නොපැමිණි බවත් මන්ත්‍රීවරයා කීවේය.
තමා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා නොකළ බවද හෙතෙම සඳහන් කළේය.
තමා රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් යම් දෙයක් ලබන සතියේ කිරීමට සූදානම් වන බව පැවසූ හරීන් ප්‍රනාන්දු මහතා එම කටයුත්තට බාධා නොකරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |