ඉස්ලාම් බහු විවාහ පනතට කුමක් සිදු වන්නට ඇති ද ?

sri lanka gagana news Sri lanka sinhala news today trending news Islamic marriage
By krishani Feb 24, 2022 10:12 AM GMT
krishani

krishani

Report

ඉස්ලාම් ආගමට අනුව බහු විවාහවලට මතු වී තිබෙන අර්බුද විසඳා ගැනීම සඳහා අධිකරණ ඇමැති අලි සබ්රි මහතා විසින් බහු විවාහ පනත සංශෝධනය කිරීම සඳහා ගෙන එන ලද කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැති අලි සබ්රි මහතා ගෙන් කළ විමසීමක් පිළිබඳව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

අලි සබ්රි මහතා පවසා සිටින්නේ ලොව පුරා වෙසෙන ඉස්ලාම් ආගමිකයන්ට බහු විවාහ අවස්ථාව ලැබී තිබෙන බවයි. නමුත් ශ්‍රී ලංකාවේ වෙසෙන ඇතැම් ඉස්ලාම් ආගමිකයන් අදාළ ආර්ථික කොන්දේසි සපුරා ගැනීමකින් තොරව බහු විවාහ සිදුකර ගන්නා නිසා සමාජයීය වශයෙන් ගැටළු රැසකට මුහුණ දී සිටින බව ද ඔහු සඳහන් කරනවා.

විශේෂයෙන් මෙරට ඇතැම් මුස්ලිම් ජාතිකයන්ට නිසි ආදායමක්, වාසස්ථානයක්, දේපළ ආදිය නොමැතිවත් විවාහ කිහිපයක් කර ගැනීම නිසා මුස්ලිම් කාන්තාවන් දැඩි ආර්ථික මානසික පිඩාවන් විඳින බවයි ඒ මහතා සඳහන් කරන්නේ .

මේ නිසා බහු විවාහ පනත සංශෝධනය කර දෙපාර්ශ්වයට ම සාධාරණය ඉටු කිරීම සඳහා මෙම පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට යොමු කළ බවයි ඔහු පවසන්නේ .

සිංගප්පූරුව වැනි රටවල පුරුෂයාට හෝ කාන්තාවට අදාළ දේපළ තිබිය යුතු බවට කොන්දේසි දමා ඇතැයි ද අලි සබ්රි මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now