ඔන්ලයින් කරන්න දුන් දුරකතනයෙන් ජරා වීඩියෝ බලලා දැරියක් ගැබිනියක් කරලා !

sri lanka Arrested gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 24, 2022 09:34 AM GMT
krishani

krishani

Report

මාර්ගගත අධ්‍යාපනයට මව්පියන් දුන් ජංගම දුරකථනයෙන් අසැබි දර්ශන නරඹා 14 හැවිරිදි දැරියක් හත් මසක ගැබිනියක් කළ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.

දැරිය රෝහල් ගත කර ඇති අතර 15 හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන ඇත තමන්ට උදරාබාධයක් නිරතුරුවම හට ගන්නා බවට මවට පැවසීමෙන් අනතුරුව දැරියගේ මව මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරයෙ වෙත දැරිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කරන ලද පරීක්ෂාවේ දී මේ බව හෙළි වූ බව පොලිසිය කියයි.

ඔවුන් දෙදෙනාම එකම පාසලක දහවන සහ එකොළොස්වන වසර වල අධ්‍යාපනය ලබන අතර නවගමුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

සැකකාර සිසුවා ගේ මව්පියන් රුපියල් 27000 මුදලකට මිලදී ගත් ජංගම දුරකථනය සිසුවාට මීට මාස කීපයකට ඉහතදී මාර්ගගත අධ්‍යාපනය වෙනුවෙන් ලබාදී තිබු බව විමර්ශනවලදී හෙළිවී ඇත එමගින් අන්තර්ජාලය හරහා අසැබි දසුන් නැරඹීමට පුරුදුව සිටි සිසුවා දැරිය සමග ඒ අයුරින් සිට ඇති බව සැකකාර සිසුවා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ බව පොලිසිය කියයි.

ඔවුන් දෙදෙනාටම ඔවුන් සිදුකළ ක්‍රියාවේ බරපතළ බවේ නිසි අවබෝධයක් නොමැති බවත් ඒ හේතුවෙන් මෙලෙස හැසිරී ඇතැයි ඔවුන් දෙදෙනා සමඟ ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී තහවුරු වූ බව විමර්ශන පවත්වන පොලිස් නිලධාරිනියක් පැවසුවාය ඔහුන් මෙලෙස හැසිරුණත් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ද නොවන බව පොලීසිය දෙදෙනාගේ සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී වැඩිදුරටත් තහවුරු වූ බව නවගමුව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now