ලයිට් බිලට එක්කෝටි විසිලක්‍ෂයක පොලු තැබූ ඇමති දැන් කියන අලුත්ම කතාව !

sri lanka electricity board gagana news Sri lanka sinhala news today trending news light bill
By krishani Feb 24, 2022 08:59 AM GMT
krishani

krishani

Report

කිරුළපන, සරණංකර පාරේ රජයට අයත් නිවසක රැඳී සිටින රජයේ ප්‍රබල ඇමැතිවරයා ලං.වි.ම.ට නොගෙවා පැහැර හැර තිබූ රුපියල් එක්කෝටි විසිලක්‍ෂයක විදුලි බිල හා අනෙකුත් දඩ මුදල් ගෙවා දමන බවට මණ්ඩලයට ඊයේ (23 ) පෙරොන්දු වී තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ගෙවිය යුතු මුළු මුදල වහාම දැනුම් දෙන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා තිබෙන අතර ඒ අනුව අද(24 වැනිදා) දිනයේ එම බිල්පත් ඇමැතිවරයාට යොමු කිරීමට නියමිත බවද ලං.වි.ම සඳහන් කරනවා.

මෙම හිඟ මුදල පෞද්ගලික මුදලින් ගෙවන්නේද අමාත්‍යාංශ මුදලින් ගෙවන්නේද යන්න පැහැදිලි නැතැයි ලං.වි.ම නිලධාරියෙක් සඳහන් කරනවා.යුද හමුදා ප්‍රබල හමුදා නිලධාරියකුගේ නමට තිබෙන මෙම නිවසේ හිඟ විදුලි බිල්පත රුපියල් එක්කෝටි විසිලක්‍ෂයක මුදල නොගෙවා පැහැර හැර ඇතැයි මාධ්‍ය මගින් හෙළි කළ පසු ඇමැතිවරයා ලං.වි.ම.ට කතා කර මේ විමසීම කිරීම විශේෂත්වයක් බවද සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now