පාර්ලිමේන්තුවත් විහිලුවක් කරගෙන ! විශේෂ සිදුවීමක් පාර්ලිමේන්තුවේ දී වෙලා !
sri lanka
politics
parliament
gagana news
Sri lanka sinhala news
Today trending news
By krishani
ඊයේ(23) සවස පැවැත්වීමට නියමිතව තිබූ රටේ ආර්ථීකය සම්බන්ධ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයට අවශ්‍ය ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් එය කල් දැමීමට තීරණය කොට ඇත.
මෙම කල්තැබීමේ විවාදය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විසින් රැගෙන ඒමෙන් පසු රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ විවාදය පවත්වාගෙන යාමට අවශ්‍ය අවම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හෝ පාර්ලිමේන්තුවේ නොමැති බවකි.
එය පෙන්වා දීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් සුලු පිරිසද ඉවත්ව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.
කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හෝ විවාදයට එක්ව නොසිටීමය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |