රත්රන්වලට වඩා මිල කළ නොහැකි ජිවිතවලට ආකරයක අකාලේ වූ ආකරතැබ්බ !

world Dead gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 23, 2022 05:22 AM GMT
Report

රන් ආකරයක පිපිරීමකින් විශාල පිරිසක් මරුට රත්‍රං ආකරයක සිදුවූ පිපිරීමකින් 63 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාඹ්‍ය වාර්තා කරයි.

එම පිපිරීම වාර්තා වන්නේ, අප්‍රිකානු මහද්වීපයේ පිහිට බුර්කිනා ෆාසෝ හි පිහිටි ගම්මානයකිනි.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ, පිපිරීමෙන් අනතුරුව පුද්ගල ශරීර කොටස් එම ප්‍රදේශය පුරා විසිරී තිබූ බවය.

තුවාල ලැබූ විශාල පිරිසක් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

බුර්කිනා ෆාසෝ රාජ්‍යය අප්‍රිකානු මහද්වීපයේ පිහිටි ප්‍රධානම රත්‍රං නිෂ්පාදනය කරන රටවල් වලින් එකකි. 2020 වසරේදී රත්‍රං ටොන් 54ක් ඔවුන් විසින් නිෂ්පාදනය කර ඇති බව වාර්තා විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now