දැරියකට හදි කළ විවාහකයාට වැඩ වරදී !

sri lanka Arrested gagana news Sri lanka sinhala news today trending news Minor offenses
By krishani Feb 21, 2022 05:01 AM GMT
krishani

krishani

Report

සය හැවිරිදි කුඩා දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම පිළිබඳව විවාහකයෙකුට චෝදනා එල්ල වී තිබේ.

මෙලෙස අධි චෝදනා ලබා නඩු විභාගයෙන් අනතුරුව වරදකරුවූ 45 හැවිරිදි විවාහකයාට මීගමුව පූර්වගාමී මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා 18 වැනිදා බරපතල වැඩ ඇතිව වසර 10 ක සිරදඬුවම් නියම කර ඇත.

ඊට අමතරව රුපියල් 15,000 ක දඩ මුදලක් සහ අපචාරයට ලක්වූ දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට විත්තිකරුට වැඩිදුරටත් නියෝග කර ඇත.

සිරදඬුවම්, දඩ සහ වන්දි ගෙවීමට නියමවූ විත්තිකරු වූයේ රද්දොළුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන දයාරත්න සිල්වා නමැති විවාහකයෙක්.

රජයේ අධිනීතිඥ අනුශිකා ප්‍රනාන්දු මහත්මිය විසින් පැමිණිල්ල මෙහෙයවා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now