එඬරු ඇටයෙන් ඩීසල් නිපදවා වාහන දුවන අපේ ජීවකතුමාගේ කතාව ඇසුවොත් ඔබ පුදුම වේවි !

sri lanka gagana news Sri lanka sinhala news today trending news Inventions
By krishani Feb 20, 2022 09:50 AM GMT
krishani

krishani

Report

එඬරු ඇට යොදා ගනිමින් ජෛව කාබනික ඩීසල් නිෂ්පාදනය කර එම ඉන්ධනවලින් තම වාහන ක්‍රියා කරවන වෛද්‍යවරයකු අනුරාධපුරයෙන් හමුවිය.

එක් ලීටරයක් නිෂ්පාදනට රුපියල් 70ක් වැනි මිලක් වැය වන බව ද ඔහු පවසයි. මේ වන විට නව නිපැයුම් කිහිපයක්ම සිදු කර ඇති ඒ මහතා වන්නේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතාය.මෙම ඉන්ධන නිෂ්පාදනය සම්බන්ධයෙන් ඒ මහතා මෙසේ පැවසීය.

"මෙම ක්‍රමය මගින් පරිසරය සියයට සීයක් සුරැකෙනවා සේම ඩොලර් ගැටළුවට ද පිළියමක් ලැබෙනවා, අපේ රටේ අත්හදා බැලීම් සිදු කළ විට එය පළමුව හඳුන්වා දීමට ම පමණක් සීමා වෙනවා. ඉන් එහාට යළිත් කතාවක් වත් නැහැ. මට වගකීමෙන් කියන්න පුලුවන් දැනට පවතින ඩීසල් වාහන සඳහා කිසිදු වෙනස් කිරීමකින් තොරව මෙය භාවිතා කරන්න පුළුවන්. කෘෂිකර්මාන්ත වැඩ වලට යොදා ගන්න මගේ ටැක්ටරය, මගේ කැබ් රථය ධාවනය කරන්නේ පරීක්ෂණ සිදු කර අත්හදා බලා මා විසින් නිපදවන ඩීසල්වලින්. දැනට ලෝකයේ පවතින ඉන්ධන සහ බලශක්ති අර්බුදය හමුවේ මම වසර පහළොවකට පමණ පෙර සිට සිදු කළ ජෛව ඉන්ධන සම්බන්ධයෙන් කරපු පරීක්ෂණවල සොයා ගැනීම් අනුව විශේෂයෙන්ම දැනට තිබෙන ඩීසල් හිඟතාවය ඇතුළු ගැටලු නිසා ජෛව කාබනික ඩීසල් නැමැති ඉන්ධනය මම නිෂ්පාදනය කළා. විශේෂෙන්ම දැන් ලෝකයේ ජෛව ඉන්ධනවලට වැඩි නැඹුරුවක් දක්නට ලැබෙනවා. මොකද පෙට්ට්‍රෝලියම් ඉන්ධන අවසන් වී ගෙන යෑම ඊට හේතුවක් ලෙස දැක්විය හැකියි. ජෛව කාබනික ඩීසල් නිපදවීම ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ අප්‍රිකානු වැනි රටවල වසර ගණනාවක් සිට නිෂ්පාදනය කරලා භාවිතා කරනවා. 2007 වසරේදී මම කරපු පරීක්ෂණවලින්, ලංකාවේ වැවෙන එඬරු කියලා ශාක දෙකක් තිබෙනවා, මේ ශාකවල තෙල් මනුෂ්‍ය පරිභෝජනය සඳහා භාවිතා කරන්නේ නැහැ. මේ ගස්වල විශාල වශයෙන් පල හට ගැනීම සිද්ධ වෙනවා වසරකට එම ඇටවල බරින් සියයට පනහක් හැටක් අතර තෙල් තිබෙනවා. කාලීනව මතු වෙලා තිබෙන ගැටලුවක් සමග බයෝ ඩීසල්වල අවශ්‍යතාවය තියෙනවා කියලා මට හිතුණා. ඒ අනුව තමයි ඒ මම තව දුරටත් පරීක්ෂණ සිදු කරලා ඩීසල් නිපදවලා වාහන පරීක්ෂා කරලා බැලුවේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now