සහකරුගේ මේ ගැටලු නිසා ඔබත් අපහසුතාවට පත් වෙලා ද ? ඔබ කෙදිනකවත් නොසිතන දේවල් නිසා සබදතාවය දුරස් විය හැකිය.මේ දේවල් ගැනත් දැනුවත් වන්න !

sri lanka article Today trending Gagana.lk
By krishani Feb 18, 2022 08:46 AM GMT
krishani

krishani

Report

කෙල්ලො කැමති පොෂ් කොල්ලන්ට කියලා සමහර තරුණයන් අතරේ මතයක් තියනවා ඔබ දන්නවා ඇති.

කොරියන් නළුවෝ,හොලිවුඩ්, බොලිවුඩ් නළුවෝ, නව පරපුරේ රියැලිටි තරු සහ නළුවෝ සමාජ මාධ්‍යවල දැඩි ලෙස විවේචනය වෙන්න හේතුවත් ගෑනු ළමයින්ගේ ආකර්ෂණය ඔවුන් දිනා ගැනීම. ඇත්තටම ගෑනු ළමයි කැමති සල්ලි තියෙන හැන්ඩ්සම් කොල්ලන්ට කියලා පිරිම්න් අතර මතයක් තිබුණට තරුණියන් විදියට ඔබට ඊට වඩා සාධකයක් තියෙනවා නේද?

ගැහැනු ළමයි කටින් කෙලින්ම නොකීවට ආදරෙන් බැඳෙන්න, ලිංගික සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්න කැමති පිරිසිදු ,පිලිවෙලට ඉන්න සහකරුවෙක් එක්ක. ඒ කියන්නෙ තමන්ගේ personal hygiene සම්බන්ධයෙන් උනන්දුවක් තියන ඒ ගැන කටයුතු කරන පිරිමි එක්ක.

තව විදියකින් කියුවොත් ප්‍රසිද්ධියේ කතා නොකලට ඇත්තටම බොහොමයක් කාන්තාවන් ලිංගික සම්බන්ධතා ඇතුළේ අප්‍රියජනක වෙන්න හේතුව, පිරිමින්ගේ අපිරිසිදුකම කියන කාරණාවට ඔබ මාත් එක්ක එකඟ ඇති.

ඔබ අපහසුතාවයෙන් ඉන්න, ඔබේ සහකාරයාගේ අඩු පිරිසිදු කම හෙවත් personal hygiene ගැන තියන නොසැලිකිලිමත් කම ගැන ඔහු සමග ඍජුවම කතා කරන්නෙ කොහොමද ?

ඔහුගේ පෞද්ගලික පිරිසිදු බව ගැන උනන්දුවෙන් කටයුතු කරන්න ඔහුගේ සිත නොරිදෙන ආකාරයට ඔහුව දිරි ගනවන්නෙ කොහොමද ?

අද අපේ ලිපිය තුල මේ ගැනයි අපි කතා කරන්නෙ?

විශේෂයෙන්ම මෙන්න මේ මූලික කාරණා වලට ඔහුව උනන්දු කරන්න ඔබට පුලුවන්.

1.කොණ්ඩේ පීරා ගන්න කොල්ලො වුණා කියලා කොණ්ඩේ පීරන් නෑ, නාන්නේ නෑ වගේ දේවල් විශ්වාස කරනවා නම් ඒ පිරිසිදුකම එතනම ඉවරයි.පිරිමින්ට ගැලපෙන හොඳ ෂැම්පු එකක්, කන්ඩිෂනර් එකක් යූස් කරන්න.කොණ්ඩය වැවීම හෝ ස්ටයිල් එකකට කැපීම ඔහු සතු අයිතියක්.හැබැයි ඒ දේ විලාසිතාවක් අනුව කරන්න උනන්දු කරන්න. අලුත්ම ෆැශන් එකට කොණඩය කපල පිලිවෙලට ඉන්න එකට තියන ඔබේ කැමැත්ත ගැන ආදරෙන් කියන්න.

ඔහුට ගැලපෙන විලාසිතා , ගැම්පු,කන්ඩිෂනර් වර්ග ගැන වගේම අවශ්‍ය හෙයාර් ට්‍රීට්මන්ට් ගැනත් ඔහුට යෝජනා කරන්න ඔබට පුලුවන් නෙද?

2.රැවුල වවන්න එපාද? රැවුල තියෙන තරුණයන්ට තරුණියන්ගේ ආකර්ෂණය වැඩියෙන් ලැබෙන්න පුලුවන් තමයි. හැබැයි! පිරිසිදු සහ ලස්සන රැවුලක් විය යුතුයි.ඒ නිසා රැවුල නිකම්ම වැවෙන්න දෙන එක ෆැෂන් එකක් නෙවෙයි. රැවුල හොඳින් සෝදල ඊටපස්සේ බියර්ඩ් ඔයිල් එකක් ගාල දිනපතා හොඳට පීරන්න ඔහුට මතක් කරන්න. සති දෙකකට සැරයක්වත් වවන ‍රැවුල බෙල්ලේ සීමාව, කම්මුලේ සීමාව අනුව කපන්නට ඔහුව උනන්දු කරන්න එතකොට ඔහුට තියෙන්නේ නිකම්ම නිකං පොල් කොස්සක් වගේ රැවුලක් නෙවෙයි.

3.ඔබේ අනවශ්‍ය රෝම ඉවත් කරලා ඔබ ඉන්නව නම් ඇයි ඔහුට එය බැරි?.මේ කියන්නේ ඒ ගැන.අතපයේ,පපුවේ වගේම ලිංගික අවයව වලත් දැඩිව වැවිලා තියන රෝම ට්‍රිම් කරන්න.එතකොට ඔහුගේ අත්‍ යට හා ලිගාශ්‍රිත ප්‍රදේශය ළඟින් අනවශ්‍ය දුඟදක් හමන්නේ නැහැ. කිහිලි වල රෝම ට්‍රිම් කරන එක වගේම ඩියොඩ්‍රන්ට් එකක් පාවිච්චි කිරීම,සුවඳ විලවුන් පාවිච්චි කිරීම ඔහුගේ සිරුරේ ගන්ධය පාලනය කරන්න උදව් වෙනවා. මේ ගැන ඔහුගේ සිත නොරිදෙන ආකාරයට කතා කරන්න,දෙන්න එක්ක රොමැන්ටික් නයිට් එකක් ප්ලෑන් කරනකොට මේ දේවල් ගැන කෙලින්ම කතා කරල ආදරණීය විදියට මේ දේවල් කරන්න ඔයාට පුලුවන්.

4.දත් සහ නියපොතු පිරිසිදුව තියා ගන්න මේවා ගෑනු ළමයි විතරක් කරන්න ඕනෑ දේවල් නෙවෙයි.උදේ හවස දත් මදින එක දන්ත සෞඛ්‍ය වගේම පිරිසිදුකමත් ආරක්ෂා කරන දෙයක්.හොඳ මවුත් වොෂ් එකක් පාවිච්චි කරන එකත් වැදගත්.ඔහේ දිගට නියපොතු වවන්නේ නැතුව කපන්න ඕනෑ. පිරිමියෙක් වුණා කියලා පෙඩිකියු එකක් කිරීම එහෙම අපරාධයක් නෙවෙයි.සතිය පුරා මේස් සපත්තු දාලා කකුලේ නියපොතු වුණත් සවුත්තු වෙන්න පුලුවන් නිසා ඔබත් එක්ක එක්ක එකතු වෙලා එහෙම දේවල් කරන්න ඔහුව පොළඹවන්න.

5.හරියට නාන්න අපිට නාන්න යන්නේ විනාඩි දෙකයි කියන එක මහා ලොකුකමක් නෙවෙයි!

කොණ්ඩය රැවුල පිරිසිදු කරන හැටි මම මුලින් ලියලා ඇති.ඒ වගේම තමයි ඇඟේ කුණු රැඳෙන තැන් හොඳට අතුල්ලලා පිරිසිදු කරන්න.විළුඹ,වැලමිට, බෙල්ල පිටුපස,පිට එහෙම හොඳට අතුල්ලා ගන්න ඕනෑ.හොඳ ෂවර් ජෙල් එකක්,සබන් එකක් ෆේස් වොෂ් එකක් පාවිච්චි කිරීම ගැටලුවක් නෙවෙයි.කබ අයින් වෙන්න හොඳට මුහුණ හෝදා ගන්නත් අවශ්‍ය බව ඔහුට කියන්න.

6.ලිංගික අවයවවල පිරිසිදු භාවය ශිෂ්නය පිටතට නිරාවරණය නිසා දිලීර බැක්ටීරියා ආසාදන ඇති වීමේ ඉඩ වැඩියි.ගඳ ගහන්නත් පුලුවන්.මෙය ඔහු සමඟ ලිංගිකව හැසිරෙන ඔබට අපහසුවක් දනවන දෙයක්.මුලින් සඳහන් කළා වගේ ලිංගික අවයව ආශ්‍රිතව රෝම ට්‍රිම් කිරීම පිරිසිදු බව පවත්වාගෙන යන්න උදව් වෙනවා.දිනපතා මඳ උණුසුම් වතුරෙන් ශිෂ්නය ආශ්‍රිත ප්‍රදේශත් ඉකිලිත් පිරිසිදු කරන්න පුලුවන් නම් හොඳයි.

7.පිරිසිදු ඇඳුම් අඳින්න දාඩිය ගඳ ගහන ඇඳුම්, දවස් ගණන් පරණ යට ඇඳුම්,බෝඩිමේ යාළුවගේ හෝදපු නැති ඇඳුම්, ගත්තට පස්සේ කවදාවත් නොහෝදපු ඩෙනිම් කලිසම්. මේ එකක්වත්ම සරලකම පෙන්නන දේවල් නෙවෙයි.මහා ගොඩක් ඇඳුම් ඕන නෑ.තියන ඇඳුම හෝදලා අඳින්න.සපත්තු වලින් කුණු වුණු මීයෙක්ගේ ගඳ එන්න නොදි ඒවා හෝදා ගන්න කියලා ආදරෙන් මතක් කරන්න ඔබට පුලුවන් වෙන්න ඕන. පිරිසිදු බව,පිලිවෙල හා ජීවිතේ පිලිබද නිවැරැදිව සැලසුම් කිරීම වගේ දේවල් තමයි කාන්තාවක් ආකර්ශනය ගන්න පුලුවන් අංක එකේ සුදුසුකම් කියලා ඔහුගේ ඇස් අරවන එක ඔබේ වගකීමක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now