විදුලි පාරිභෝගිකයින්ට විශේෂ ප්‍රකාශයක් !

Sri lanka special announcement gagana news Sri lanka sinhala news Today trending news
By krishani Feb 18, 2022 04:08 AM GMT
krishani

krishani

Report

හිඟ විදුලි බිල්පත් ලබාදී ඇති සහන කාලය තුළ ගෙවා අවසන් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර දීර්ඝ කාලින විදුලි කප්පාදුවක් සඳහා අවශ්‍යතාවයක් නොමැති බවයි ඒ මහතා ඊයේ (17) සඳහන් කළේ.

නමුත් බලාගාර අක්‍රීය වීම හෝ තෙල් සංචිත ප්‍රමාණය මත එය තීරණයවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ඉන්ධන නොමැති වීමෙන් කැළණිතිස්ස බලාගාරයේ සංයුක්ත චක්‍ර බලාගාරය ඊයේ (17) රාත්‍රියේ හදිසියේ අක්‍රිය වුණා. එම බලාගාරය මඟින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 163ක විදුලි ධාරිතාවක් සැපයෙනවා.

මේ අතර ඊයේ (17) මධ්‍යම රාත්‍රිය පමණ වනවිට විදුලි ඉල්ලුම මෙගා වොට් 2629ක් දක්වා උපරිම මට්ටමකට ලඟා වී තිබූ බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now