ඔබ කිසිදා නොසිතූ,විවාහ වෙන්න වෙනස්ම ආකර්ෂණීය ස්ථානයක් බවට ලංකාව පත් වන්නේ මෙහෙමයි !

sri lanka tourists world attraction gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 15, 2022 10:51 AM GMT
krishani

krishani

Report

විදේශිකයන් ආකර්ෂණය කර ගන්න වැඩපිළිවෙළක් සිංහරාජ වනාන්තරය සහ සංස්කෘතික ත්‍රිකෝණය ආශ්‍රිත ස්ථාන තෝරාගෙන ඒවායේ විවාහ මංගල උත්සව සංවිධානය කිරීමට අවස්ථාව සලසාදීම මගින් විදේශිකයන් වැඩිපුර ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය සූදානම් වේ.

ශ්‍රී ලංකාව ආරක්ෂිත මංගල ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙම වැඩසටහන ඔස්සේ සැලසුම් කර ඇත.

එමගින් මංගල උත්සවයේදී වෙනස් අත්දැකීමක් අපේක්ෂා කරන විදේශිකයන්ට මෙරටට පැමිණ සිය විවාහ උත්සව පැවැත්වීමේ අවස්ථාව උදාකර ගැනීමට අවකාශ සැලසේ.

එසේම කොවිඩ් 19 වසංගතයෙන් බිඳවැටුණු විවාහ මංගල ක්ෂේත්‍රයේ විලාසිතා නිර්මාණය සහ අනෙකුත් සහායක අංශද නගාසිටුවීම මෙමගින් අපේක්ෂා කරයි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් වෙනමම අංශයක් ස්ථාපනය කිරීමටද නියමිතය.

එම අංශය මගින් මෙරට උත්සව කළමනාකරණ සමාගම්, මංගල සැලසුම්කරුවන්, ඡායාරූප ශිල්පීන් සහ විලාසිතා නිර්මාණකරුවන් ඇතුළු ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්ව එකම වේදිකාවක් මතට ගෙන ඒම සිදුවනු ඇත.

දැනටමත් යුරෝපයේ සහ ආසියාවේ රටවල පිරිස් අතරේ මංගල උත්සව සංවිධානය කිරීම සඳහා ශ්‍රී ලංකාව තරමක ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති අතර එම තත්ත්වය වඩා වර්ධනය කිරීම මෙම නව වැඩසටහනින් අපේක්ෂා කරයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now