මේ දිනවල පැතිරී යන ප්‍රධාන රෝග 3ක් ගැන සෞඛ්‍ය අංශයෙන් විශේෂ ආවරණයක් ! මේ දේවල් ගැන ඔබ දැනුවත් ද ?

sri lanka Health sector gagana news Sri lanka sinhala news today trending news Infectious diseases
By krishani Feb 15, 2022 10:24 AM GMT
krishani

krishani

Report

උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස යන රෝගී තත්ත්වයන් පවතින පුද්ගලයින් සෙසු පුද්ගලයින් සමග ගැවසීම හැකිතාක් අවම කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

මේ දිනවල කොවිඩ් -19 වෛරසයට අමතරව ඩෙංගු මෙන්ම වෛරස් උණ රෝගයක් ද පැතිර යන බැවින් එවැනි රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමට පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙයි.

"මේ මොහොතේ බොහෝ වෙලාවට අපිට ප්‍රධාන රෝග තුනක් ගැන සැලකිල්ලට ගන්න සිද්ධ වෙනවා. පළමුවෙනි එක තමා අපි කවුරුත් දන්න කොවිඩ් රෝගය. දෙවැනි එක මේ දවස්වල ඩෙංගු රෝගයත් හැමතැනකම වගේ හිස ඔසවලා තියෙනවා. තුන්වනුව සාමාන්‍යයෙන් ඕනෑම අවස්ථාවක පැතිරෙන්න පුළුවන් සාමාන්‍ය වෛරස් උණක් වෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ සියල්ලගෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් කරන සෑම අවස්ථාවක දීම ඒ පිළිබඳව ඉතාමත් සැලකිලිමත්ව සිටීම වැදගත් වෙනවා. එහෙම නැතුව මේක ඒක නෙමෙයි, ඒක මේක නෙමෙයි කියලා අපි නොසලකා හැරීම මේ වෙලාවේ කොහෙත්ම නොකළ යුතු දෙයක්. පැය 48කට වඩා උණ තිබේ නම්, මේක ඩෙංගු රෝගය ද කියලා බලාගැනීමට අවශ්‍ය කරන පරීක්ෂණ කරවා ගැනීම ඉතාමත් ම වැදගත් වෙනවා. එසේ නොකර සමාජයට පැමිණීම මම හිතනවා නොකළ යුත්තක්. විශේෂයෙන් තමන්ට උණක්, හෙම්බිරිසාවක්, කැස්සක් වගේ රෝග ලක්ෂණයක් තියෙනවා නම් ඒ රෝග ලක්ෂණ පහ වෙනතුරු තමන් වෙන්වී සිටීම වැදගත් වෙනවා."

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගත වූ දිනයේ පුද්ගලයින් 35,000 ඉක්මවූ පිරිසක් එන්නත්කරණයට ලක්ව තිබේ. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, එහිදී බූස්ටර් මාත්‍රාව පමණක් පුද්ගලයින් 31,832 දෙනෙකු සඳහා ලබාදී ඇති බවය. ඒ අනුව මේ වන විට පුද්ගලයින් හැට 175,281 දෙනෙකු එන්නත් මාත්‍රා තුනම ලබාගනිමින් පූර්ණ එන්නත්කරණයට ලක්ව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now