ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අන්තර්ජාලයේ බිඳ වැටීමක් !

sri lanka world gagana news Sri lanka sinhala news today trending news Internet crash
By krishani Feb 14, 2022 06:43 AM GMT
krishani

krishani

Report

ජාත්‍යන්තර සම්මැරීන් කේබල් ජාලයේ බිඳ වැටීමක් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම අන්තර්ජාලය සබඳතා සඳහා බාධා ඇතිව තිබේ.

ඉන්දීය සාගරය පතුළින් එලා ඇති ජාත්‍යන්තර සබ්මැරින් කේබල් ජාලයේ බෙංගාල බොක්ක කලාපයේ මෙම බිඳ වැටීම ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

එනම්,ඉන්දීය සාගරය යටින් දිවෙන අන්තර්ජාල පහසුකම් සපයන ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් (submarine cable) පද්ධතියේ දෝෂයකි.

මෙම ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් (submarine cable) පද්ධතිය ඔස්සේ ලොව විවිධ රටවලට අවශ්‍ය කෙරෙන අන්තර්ජාල සම්බන්ධතා ඒකාබද්ධ කෙරෙන අතර මේ වන විට බෙංගාල බොක්ක අවට ජාත්‍යන්තර මුහුදු තීරයෙ ගැඹුරින් එලා ඇති මෙම සබ්මැරීන් කේබල් (submarine cable) පද්ධතියේ මතුව ඇති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් වරින්වර මෙරට ජංගම දුරකථන සහ බ්‍රෝඩ්බෑන්ඩ් දුරකථන අන්තර්ජාල සම්බන්ධතාව බලපෑම් ඇති විය හැකි බව ජංගම දුරකථන සේවා සපයන ආයතන නිවේදනය කරනවා.

කෙසේ වෙතත් මෙම තාක්ෂණික ගැටලුව යථා තත්ත්වයට පත්කිරීමට කෙතරම් කාලයක් ගතවේදැයි තක්සේරු කළ නො හැකිහැකි බවටයි ඔවුන් වැඩිදුරටත් දන්වා සිටින්නේ.

අදාළ ජාත්‍යන්තර සබ්මැරීන් කේබලය සිංගප්පූරුවේ සිට මැලේසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාවේ චෙන්නයි සහ මුම්බායි, එමෙන්ම බර්කා සහ ෆුජෛරා යන මධ්‍යස්ථාන හරහා ජාත්‍යන්තර අන්තර්ජාල සේවාවන් සඳහා සම්බන්ධතා පහසුකම් සපයනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now