සිතුදෙය නොම වෙයි - නිවසකට සිදුවුන අදහාගත නොහැකි ඛේදනීය ඉරණම (VIDEO)

accident sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 14, 2022 05:49 AM GMT
krishani

krishani

Report

මස්කෙළිය පොලිස් වසමට අයත් ඕල්ටන් වතු යායේ කින්කොරා කොටසේ නිවසකට පිටුපසින් බැඳ තිබු ආරක්ෂිත පැති බැම්මක් නිවසකට කඩා වැටී තිබේ.

බැම්ම කඩා වැටීමෙන් නිවස ට සම්පූර්ණයෙන්ම අලාභ හානි සිදුව ඇති අතර, නිවසේ රැඳී සිටි එකම පවුලේ තිදෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහල ට ඇතුළත් කර ඇත.

අවුරුදු 60ක පමණ පුද්ගලයෙකු සහ ඔහුගේ දියණියත්, දියණියගේ අවුරුදු දෙකක් වයසැති පුතාත් නිවසේ සුන්බුන් අතර යට වී තුවාල ලබා සිටිය දී ප්‍රදේශවාසීන් විසින් රෝහලට ගෙන ගොස් තිබේ.

මව සහ කුඩා දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහලට මාරු කර යවා ඇත.

අනතුර සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය පරික්ෂණ පවත්වන අතර, ආපදාවට ලක් වු අයට සහන සැලසිමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now