මහරගම මහල් නිවාස සංකීර්ණයකින් ගෙල වැළලාගත් සුරූපී තරුණියකගේ සිරුරක් හමුවෙයි !
මහරගම ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක තිබී ගෙළ වැළලාගත් තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පළමු පටුමඟ - දුම්රිය මාවත ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක තිබී ඇයගේ සිරුර සොයාගත් බවයි.
ඇය, දිවයින පුරා ප්‍රසංගවලට සහභාගිවන ජනප්‍රිය නර්තන කණ්ඩායමක වෘත්තීය නර්තන ශිල්පිනියක් ලෙසින් කටයුතු කළ, තරුණියක්.
26 හැවිරිදි මෙම තරුණිය කුරුණෑගල - අඹගස්වැව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වනවා.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ඇය, මෙම මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිට තිබෙනවා. මෙම තරුණිය, නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු සමඟ සම්බන්ධතාවක් පවත්වා ඇති අතර, ඊට සම්බන්ධ යම් ගැටලුවක් මත ඇය සිය දිවි නසාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා එම ව්‍යාපාරිකයා මහරගම පොලිස් ස්ථානය වෙත කැඳවා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |