සමෘද්ධිලාභීන්ට හදිසියේ ලැබෙන්න යන විශේෂ වාසිය !

sri lanka politics gagana news Sri lanka sinhala news today trending sri lankan economy
By krishani Feb 13, 2022 06:47 AM GMT
krishani

krishani

Report

සමෘද්ධි ප්‍රතිලාභින් සදහා සියයට 28 කින් සමෘද්ධි දිමනාව වැඩි කිරිමට රජය තිරණය කළ බව සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව මෙතෙක් රැපියල් 3,500. ක දිමනාවක් ලබපු පවුල් ඒකකයක් රැපියල් 4,500. ක දිමනාවක් ලබන පවුල් ඒකකයක් බවට පත්වෙනවා.

මෙතෙක් රැපියල් 2,500. දිමනාවක් ලැබු පවුල් ඒකකයක් රැපියල් 3,200. ක දිමානවක් ලබන පවුල් ඒකකයක් බවට පත්වෙනවා.

රැපියල් 1,500. ක් ලබපු පවුල් ඒකකයක් සදහා රැපියල් 1,900. දිමනාවක් ලබාදිමට පියවර ගෙන ඇතැයි ද ඔවුහ පවසයි.

සමෘද්ධි ප්‍රතිලාභින් දාහත් ලක්ෂ හැට හත්දහසක පවුල් ඒකක ප්‍රමාණයක් ඉන්නවා.

එම සමෘද්ධි ප්‍රතිලාභින් සදහා මෙම සමෘද්ධි දිමනාව වැඩි කිරිමට රජය තිරණය කළ බව ද ඔහු පවසයි..

අනුරාධපුර,ගුවන් තොටුපල මාර්ගයේ ඒ මහතාගේ නිවසේ ඊයේ(12)දින පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මේ බව පැවසිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now