ගම්මන්පිල නම් වැඩි කරන් නෑ කීවා ! නමුත් ඛනිජ තෙල් සංස්ථාව I.O.C එකටත් වඩා තෙල් මිල ඉහළ නග්ගන්න ඉල්ලලා.මොකද්ද මේ ඇහෙන කතාව !

sri lanka gagana news sri lanka sinhala news Mr.Udaya Gammanpila today trending I.O.C
By krishani Feb 13, 2022 06:08 AM GMT
krishani

krishani

Report

ඉන්ධන මිල ඉහළ දැමීම සදහා අවසර ලබා දෙන ලෙස ලංකා ඛණිජ තෙල් සංස්ථාව මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ.

පසුගිය දා අයි. ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසුව, පාඩු පියවා ගැනීම සදහා තමන්ට ද ඉන්ධන මිල ඉහළ දැමීමට අවසර ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසයි.

අයි. ඕ.සී ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම හේතුවෙන් ඔවුන්ට සිටි පාරිභෝගිකයන් ද සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත මාරු වීම හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාවේ පාඩුව තවත් ඉහළ ගොස් ඇති බවද ඔහු පවසයි.

ඛණිජ තෙල් සංස්ථාව මුහුණ දී සිටින පාඩුව පියවා ගැනීමට නම්, අයි. ඕ.සී සමාගම ඉහළ දැමූ මිල ගණන්වලටත් වඩා වැඩි මිල ඉහළ දැමීමකට අවසර දෙන ලෙස ඛණිජ තෙල් සංස්ථාව, මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ.

අයි. ඕ.සී. නව මිල ගණන් අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 184 කි.

ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 213 කි. ඞීසල් ලීටරයක මිල රුපියල් 124 කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now