හොර රහසේ රටට ගෙනා සුපිරි රෝල්ස් රොයිස්-ලැම්බෝගිනි-ජගුවාර්-බෙන්ස්-හමර් වාහන වෙන්දේසි කරන්න යද්දී අන්තිම මොහොතේ වුණ නොසිතපු වැඩේ !
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රෝල්ස් රොයිස්, ලැම්බෝගිනි, ජගුවාර්, මර්සිඩීස් බෙන්ස්, හමර් සහ බස් රථ දෙකක් වෙන්දේසි කිරීමට රේගුව ගත් උත්සාහයක් අවසන් මොහොතේ අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම ඉහළ පෙළේ සුඛෝපභෝගී වාහන ඉකුත් බ්‍රහස්පතින්දා වෙන්දේසි කිරීමට නියමිතව තිබුණි.
අත්අඩංගුවට ගෙන ඇති වාහන නීතිවිරෝධී ලෙස ආනයනය කර ඇති බැවින් ඒවායේ හිමිකරුවෙකු නොදන්නා අතර සමහර වාහනවල කොටස් අතුරුදන්ව ඇත.
වාහන ආනයන සීමාවන් ක්‍රියාත්මක වූ පසුගිය මාස කිහිපය තුළදී ඒවා කිහිපයක් ආනයනය කර ඇති බව සඳහන්ය.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත් ද සිල්වා මහතා පැවසුවේ, අත්අඩංගුවට ගත් වාහන වෙන්දේසි කිරීමේ ටෙන්ඩර් ක්‍රියාවලියක් පවතින බවත්, රේගු දෙපාර්තමේන්තුවට ආදායම් උපයා ගැනීම සඳහා එවැනි වෙන්දේසි වරින් වර පවත්වන බවත්ය.
එවැනි වෙන්දේසි පැවැත්වීමේ බලය ඇත්තේ රේගු අධ්‍යක්ෂවරයාට බවත් ඒවා අවලංගු කිරීමට ඇති අයිතිය තමන් සතු බවත් ඔහු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |