සැමියා නැන්දම්මාගේ ඇඳේ නිදිකරගන්නවාට බිරිඳ කරපු පුදුම හිතෙන වැඩේ !

sri lanka Family issues gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 13, 2022 01:33 AM GMT
krishani

krishani

Report

සිය සැමියාට ඔහුගේ මව දක්වන ඇදහිය නොහැකි ආදරය නිසා මඟුල අතහැර ගිය තරුණ බිරිඳක පිළිබඳව තොරතුරු ගල්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

දැන ගැනීමට ලැබුණු පරිදි මේ පැමිණිලිකාර බිරිඳගේ වයස අවුරුදු විසි දෙකක් පමණ වේ. ඇගේ සැමියා විසි හතර වැනි වියේ පමණ පසුවෙයි. පැමිණිලිකාරියගේ නැන්දම්මා ද තාරුණ්‍යය ඉක්මවා නොගිය කාන්තාවකි.

ඇගේ සැමියා ඇය හා එකම පුතා අත්හැර ගිය විට ඇය සිය කුඩා පුතු තම මවට බාරකොට විදෙස්ගත වූවාය. කලක් විදෙස්ගතව සිටි ඇය යළි මව් රටට පැමිණ තම එකම පුතාට දුරබැහැර ප්‍රදේශයකින් තරුණියක විවාහකර දීමට කටයුතු කළාය.

විවාහක තරුණ යුවළක් ලෙස ඔවුන්ගේ ලෝකයේ නිදහසේ ජීවත් වීමට සිය නැන්දම්මා ඉඩ නොදෙන බවටත් තමන් දෙදෙනා කොතන සිටියත් නැන්දම්මා පැමිණ එබිකම් කරන බවටත් තරුණ බිරිඳ පොලිසියට පැමිණිලි කළාය.

ඒ සියල්ල ඉවසා සිටි හැකි මුත් රාත්‍රියේ තමා හා සැමියා කාමරයේ නිදා සිටින විට නැන්දම්මා පැමිණ දොරට තට්ටුකර සැමියා ඇයගේ කාමරයට කැඳවාගෙන ගොස් ඇය ළඟ නිදිකර ගන්නවා ඉවසා සිටිය නොහැකි බවත් තරුණ බිරිඳ වැඩිදුරටත් පැමිණිලි කොට තිබේ.

මේ පැමිණිල්ල විභාග කොට කරුණු කාරණා සියලු දෙනාට අවබෝධ කරදී සමථයකට පත් කළ ද ඊට සතියකට පසු තරුණ බිරිඳ නැවත පොලිසියට පැමිණ පෙර පැමිණිල්ලම කළාය.

ඒ අනුව තිදෙනාම පොලීසියට ගෙන්වා කරුණු කාරණා විමසද්දී නැන්දම්මාගේ පෙර චර්යා වෙනස්ව නැති බව අනාවරණයවී තිබේ. මෙහිදී තරුණ සැමියා පවසා ඇත්තේ මවයි, බිරිඳයි දෙදෙනාම තමන්ට අවශ්‍ය බවය.

‘අම්මත් එක්ක නිදා ගන්නවා නම් ඔයා අම්මත් එක්ක ඉන්න. මං එක්ක ඉන්නවා නම් මං එක්ක ඉන්න’ යි තරුණ බිරිඳ කියා ඇත. ඊට සැමියාගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා ඇය දීගය අතහැර සිය ගමට යන බව තරයේ ප්‍රකාශ කොට ඇත. පැමිණිල්ල විභාග කළ දෙදෙනා එක් කිරීමට කරුණු කාරණා කියා දුන්න ද ඉන් පලක් නොවූයෙන් ඒ බව පැමිණිලි විභාග පොතේ සටහන් කළේය. තරුණ බිරිඳ සිය ගමට යන බව පවසා පොලීසියෙන් පිටව ගියාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now