මාස තුනක් කළුවරේ ඉන්න වෙයි වගේ ! විදුලි කප්පාදුව ගැන අලුත්ම ආරංචිය මෙන්න
Sri lanka
power cut
gagana news
Sri lanka sinhala news
today trending
electricity power
The latest decision
By krishani
පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාස 3 සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය බවට ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද (12) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.
ඒ මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් අතරයි.
ඒ අනුව විදුලි කප්පාදුවකට අවසර ලබා දෙනවා ද නැද්ද යන්න පිළිබඳව මෙහිදී තීරණය කරනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.
කෙසේ වෙතත් පවතින විදුලි අර්බුදය හමුවේ මහජනතාව අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කල යුතු බවයි එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක අවධාරණය කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |