නොමරා මිනී මැරීම - "වීදුරු කුටියක් ඇතුළට හුමාලේ දාලා වාෂ්පයක් වගේ..එන්නේ" (VIDEO)

sri lanka gagana news Sri lanka sinhala news today trending news banana fruits
By krishani Feb 12, 2022 02:05 AM GMT
krishani

krishani

Report

“වැඩිපුර පළතුරු ඉදවන්න හෝමෝන එකක්.. අන්නාසිවල මල් හටගන්න..”

අමු කෙසෙල් ඉදවීම සඳහා විෂ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේ මහා පරිමාණ ක්‍රියාවලියක් මේ වනවිට රට පුරා ක්‍රියාත්මක වනවා.

කෙසෙල් යනු කුඩා දරුවන්, ගැබිනි මව්වරුන් ඇතුළු මෙරට වැඩි පිරිසක් දින පතාපාහේ ආහාරයට එක්කර ගන්නා පලතුරක්.

එම පාරිභෝජන අවශ්‍යතාව සපුරාලීම සඳහා පෑලියගොඩ මැණිං වෙළෙඳපොළට දිනපතා දස දහස් ගණනින් කෙසෙල් කැන් මෙලෙස රට වටින්ම ගෙන එනවා.

එලෙස ගෙන එන අමු කෙසෙල් කැන් ක්ෂණිකව ඉදවීම සදහා මෙහි තොග කෙසෙල් වෙළඳුන් දින පතා උදෑසන සිට සවස්වන තෙක්ම අනුගමනය කරන ක්‍රියාමාර්ගයයි මේ.

මෙලෙස ලීටර් ගණනින් මුළු කෙසෙල් කැනම තෙත් වන ලෙස විෂ රසායනිකයන් යෙදු පසු එම ද්‍රාවනය උරාගන්නා තෙක් ඇතැම් වෙළදසැල් හිමියන් කෙසෙල් කැන් මෙලෙස එල්ලා තබනවා.

නිසි ප්‍රමිතියකින් තොරව අධි මාත්‍රාවෙන් මෙම රසායනිකය යෙදු පසු පැය 2 ඇතුලත මුළු මනින්ම කෙසෙල් කැන ඉදී යන අතර මෙරට පාරිභෝගික ජනතාවට මිලදී ගැනීමට සිදුවන්නේ මෙම විෂ රසායනික මිශ්‍රිත කෙසෙල්වීම කණගාටුවට කරුණක්.

කොළඹ මැණිං වෙළඳ පලේ මෙන්ම බොහෝ කෙසෙල් තොග අලෙවි කරන මධ්‍යස්ථානවල දුම් ගසා ඉදවන පාරම්පරික ක්‍රම සදහා පහසුකම් සලසා තිබුන ද වෙළඳුන් බහුතරයක් මේ වනවිට යොමුවී ඇත්තේ ක්ෂණිකව කෙසෙල් ඉදවීම සදහා මෙම විෂ රසායනික යෙදීමටයි.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගෙ පැමිණීම මත මැණිං වෙළඳපලෙන් හෙළිවුයේ අන්නාසි ශාකයේ මල් හට ගැනීම සදහා යොදන රසායනිකයක් මෙලෙස කෙසෙල් ඉදවීම සදහා වෙළඳුන් යොදාගන්නා බවයි.

මෙම රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වන සමාගමේ බෙදාහැරීම් නියෝජිතවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීම මෙන්ම එම අනාවරණයෙන් පසුවත් කූට ව්‍යාපාරිකයන් තම මඩිය තර කර ගැනීමේ අරමුණින් මෙලෙස අමු අමුවේ ජනතාවට වස කැවීමේ ක්‍රියාදාමයට ඉඩ දී මෙරට වගකිව යුතු බලධාරීන් නිහඩව සිටිනවා ද? 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now