අවුරුදු කන්න බැසිල්ගෙන් ඕන තරම් බඩු ලැබෙන්නේ මෙහෙමයි !

economy gagana news Sri lanka sinhala news today trending news Mr.Basil Rajapaksha sinhala tmil new year
By krishani Feb 12, 2022 01:08 AM GMT
krishani

krishani

Report

රට තුළ පවතින විදේශ විනිමය හිඟය තාවකාලික තත්ත්වයක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශයේ ඊයේ(11) පැවති රැස්වීමකදී අමාත්‍යවරයා කියා සිටියේ, ඒ මගින් ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම රජයේ අපේක්ෂාව බවයි.

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගිකයින් වෙත ලබාදීම සඳහා ජනාධිතිවරයා විසින් පත්කල කමිටුවේ පළමු රැස්වීම ඊයේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විය.

එහිදී වැඩි අවදානයක් යොමුව ඇත්තේ එළැඹෙන උත්සව සමයේදී රෙදිපිළි සහ ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගික ජනතාව වෙත ලබාදීම පිළිබඳවයි.

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වු‌ණේ, කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්තිවල යම් හිඟයක් පැවතියද සෙසු සියලුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයත් තොග පවතින බවයි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා රජය කුමන ආකාරයේ බදු සහන ලබා දුන්න ද, එම සහන පාරිභෝගික ජනතාවට නොලැබීමේ තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ, අතැම් කූඨ වෙළෙඳුන් රජයේ සහන යටතේ ලබාගන්නා භාණ්ඩ අධික මිල ගනන් යටතේ අලෙවි කරන බවයි.

ආනයනය කරන අත්‍යාවශ්‍ය භාණ්ඩ නිසි පරිදි පාරිභෝගික ජනතාව වෙත ලබාදීමේ යාන්ත්‍රණය තවදුරටත් විනිවිද භාවයට පත් කිරීම පිළිබඳව ද මෙහිදී අවදානය යොමු වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now