පාස්කු ප්‍රහාරයේ තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් !

sri lanka gagana news Sri lanka sinhala news today trending news Pasku Terrorist Attack
By krishani Feb 11, 2022 04:45 AM GMT
krishani

krishani

Report

මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා දේශපාලනඥයින් සාමාන්‍ය ජනතාවගේ ජීවිත අවදානමට ලක් කිරීමේ හැකියාව පිළිබඳව කනස්සල්ල පළ කරන බවත්, පාස්කු ඉරිදා ප්‍රහාරය 2019 මැතිවරණයට සම්බන්ධ කුමන්ත්‍රණයක කොටසක් බවට සැක කළ හැකි බවත් පූජ්‍ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සදහන් කොට ඇත.

මෙම කුමන්ත්‍රණ න්‍යාය සත්‍ය නම් සාමාන්‍ය ජනතාවගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවද පියතුමා සදහන් කොට ඇත.

පසුගිය මැතිවරණ දූෂණවලින් පිරී තිබූ බව පැවසූ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා පසුගිය කාලයේ මුදල්, මත්පැන්, සෙවිලි තහඩු ඇතුළු වරප්‍රසාද ලබාදුන් බවට චෝදනා කර තිබේ.

කෙසේ වෙතත්, කුමන්ත්‍රණ න්‍යායන් සත්‍ය නම් මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් පිරිසක් ඝාතනය කළ පළමු අවස්ථාව පාස්කු ප්‍රහාරය ලෙස සැලකිය හැකි බවද උන්වහන්සේ පවසා ඇත.

එවැනි උපක්‍රමයක් මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට සාර්ථක ක්‍රමයක් යැයි ඇතැමුන් උපකල්පනය කරන්නේ නම් එවැනි උපක්‍රමයක් අනෙක් අයටද භාවිත කළ හැකි බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අනතුරු ඇඟවීමක් කොට තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බව කී උන්වහන්සේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවද පවසා ඇත.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නීතිමය විකල්පයන් පිළිබඳව සොයා බැලීම සඳහා පල්ලියේ නීතිඥවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇති බව දප්පුල ද ලිවේරා ප්‍රකාශ කර ඇති බවත් ඒ නිසා එම කුමන්ත්‍රණය හෙළි කළ යුතු බවත් උන්වහන්සේ පවසා ඇත.

ඩේලි මිරර් වෙබ් අඩවිය වෙත සජීවී සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් උන්වහන්සේ මේ බව සදහන් කොට තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now